ඔස්ට්‍රියාවේ දෙවන විශාලතම නගරයේ රතු ධජය ලෙළ දෙයි! ඉතිහාසයේ ප්‍රථම වරට ග්‍රාස්හි නාගරික සභා මැතිවරණයේ ජය ඔස්ට්‍රියානු කොමියුනිස්ට් පක්ෂයට හිමි විය. මෙය නියතවම වාමාංශය ලැබූ ජයග්‍රහණයකි. ජර්මානු පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලැබූ ජයග්‍රහණයට වඩා නිශ්චිතවම මේ ජය වාමාංශයට වැදගත්ය. (සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නව-ලිබරල් සම්මුතිවාදයට නතුව තිබූ අතර ඇන්ජෙලා මර්කල්ගේ ආණ්ඩුව සමගද සම්මුතිගතව සිටියේය.)
සියල්ලටමත් වඩා ඔස්ට්‍රියානු කොමියුනිස්ට් පක්ෂයේ ජයග්‍රහණයෙන් වාමාංශයට උගත හැකි පාඩම් රැසක් තිබේ. පළමුව, රටේ ජාතික පාර්ලිමේන්තුව තුළ සියයට එකක් පමණ ජන්ද ලබා ගන්නා පක්ෂයක් එරට දෙවන ප්‍රධානතම නගරයේ බලය අත්පත් කර ගැනීම අප තේරුම් ගන්නේ කෙසේද? ඒ ප්‍රශ්නයට පිළිතුර පහත සම්මුඛ සාකච්ජාව තුළ තිබේ.
“ජනයාගේ දෛනික ජීවිතය තුළ ප්‍රයෝජනයක් තිබෙන පක්ෂයක් බවට පත් වීම.” 1990 දශකයේදී විසිවන සියවසේ සමාජවාදී ව්‍යාපාරය පරාජයට පත් වූ පසුව ඔස්ට්‍රියානු කොමියුනිස්ට් පක්ෂය නැවත ගොඩ නගන ලද්දේ මේ උදෘතය යටතේය.
එය වඩාත් හොඳින් ක්‍රියාත්මක කළ හැකි වූයේ ග්‍රාස් නගරය තුළයි. 1990 දශකයේදී නගරයේ කුලී ගෙවා ගත නොහැකිව සිටි නිවැසියන් පළවා හැරීමට මූල්‍ය සමාගම් සමග එක්ව නාගරික සභාවේ දක්ෂිණාංශික පාලකයින් ප්‍රයත්න දැරූ විට එයට එරෙහිව තීරණාත්මකව වැඩ කළේ කොමියුනිස්ට් පක්ෂයයි. නමුත්, එය හුදු විරෝධතා දේශපාලනයෙන් ඔබ්බට ගිය මැදිහත්වීමක් විය. වාමාංශයට කළ හැක්කේ විරෝධතා දේශපාලනය පමණක්ය යන මුග්ධ ආකල්පය බොරු කරන්නට ග්‍රාස්හි කොමියුනිස්ට්වාදීන් සමත් විය. නාගරික සභාවේ තමන්ට තිබූ සීමිත නියෝජනය භාවිතා කරමින් කිසිවෙකුත් තම ආදායමෙන් තුනෙන් එකකට වඩා නිවාස කුලී ලෙස නොගෙවිය යුතු යැයි කියැවෙන පණතක් එය ඉදිරිපත් කළේය. ඔවුනගේ සෙසු යෝජනා මෙන්ම මෙයද සෙසු සියළු පක්ෂ විසින් ඒකමතිකව පරාජය කෙරිණ. නමුත්, කොමියුනිස්ට්වාදීන් එයින් පසුබට වූයේ නැත. අත්සන් දාහත් දහසක පෙත්සමක් සමග එම යෝජනාව යළිත් නාගරික සභාවට ඉදිරිපත් කරන්නට ඔවුන් සමත් විය. එවර කිසිදු පක්ෂයකට එයට විරුද්ධ වන්නට නොහැකි විය. ජයග්‍රහණයේ පළමු හැරවුම වූයේ එයයි.
යළිත් 2004 වසරේදී නාගරික පොදු නිවාස පුද්ගලීකරණය කරන්නට දැරූ ප්‍රයත්නයක්ද වළක්වන්නට ඔවුන් සමත් විය. ඒ යළිත් නාගරික සභාව තුළ පරාජයට පත් වූ තම යෝජනාව අත්සන් දස දහසක පෙත්සමක් සමග නැවත ඉදිරිපත් කිරීම මගිනි. එවර මෙම ගැටළුවට අදාළව ජනමත විචාරණයක් කැඳවිය හැකි විය.
මෑතකාලීනව කොවිඩ් වසංගතය හමුවේ කොමියුනිස්ට් පක්ෂය ජනතාවට ඉතාම ප්‍රායෝගික විසඳුම් රැගෙන යන ක්‍රියාකාරී බලවේගයක් බවට පත් විය. ජයග්‍රහණයේ ආසන්න සාධකය වූයේ එයයි. ජනතාවට සෞඛ්‍ය සේවා සැපයීමේ පටන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වෙත ප්‍රවේශය ලබා දීම, රෝගීන් පිළිබඳ තොරතුරු සන්නිවේදනය කිරීම සහ සෙසු සුභසාධක සේවා සැපයීම දක්වා බොහෝ දේ කරන්නට කොමියුනිස්ට්වාදීන් සමත් විය. එහිදී සංක්‍රමණික සංවිධාන ඇතුළු විවිධ ස්වේච්ජා එකතූන් සමග පක්ෂය අත්වැල් බැඳ ගත්තේය. ඒ සියල්ල කළේ ජනතාවට ප්‍රයෝජනවත් පක්ෂයක් වීමේ අරුතිනි.
නමුත්, මේ කිසිවක් සමාජවාදී අරගලයෙන් වියෝ වීමක් නොවේ. හුදු පින්කටයුතු වැඩ (charity) නොවේ. පහත පළ වන සම්මුඛ සාකච්ජාව තුළ අවධාරණය වන පරිදි මේ වනාහී පැරිස් කොමියුනය යුගයේ සිටම පැවත එන වාමාංශික සම්ප්‍රදායකි.
වම ජනතාවට අවශ්‍ය බලවේගයක් විය යුතුය. ජනයා සමග සංයුක්ත ප්‍රායෝගික සබඳතා පවත්වන බලවේගයක් විය යුතුය. කොමියුනිස්ට් සමාජය නමැති උතුම් වූ විශ්වීයත්වය කරා යන ගමන යා යුත්තේ ජනතාවගේ දෛනික ජීවිතයේ ප්‍රශ්නවලට ප්‍රායෝගික විසඳුම් සපයමිනි. එනයින්, වාම ජනතාවාදය යනු මිනිසුන්ට
දෛනික ජීවිතයේදී මුණ ගැසෙන යමක් විය යුතුය. කොමියුනිස්ට්වාදී අසිරි හදවත්වල දිදුලන මාවත එයයි.
(ඉඩක් ලැබුණු මොහොතක මේ සම්මුඛ සාකච්ජාව සිංහලට පරිවර්තනය කරන්නට බලාපොරොත්තු වෙමි)
https://jacobinmag.com/…/communist-party-of-austria-kpo…