Breaking News

ඉතාලිය ජර්මනිය ප්‍රංශය ඇස්ට්‍රාසෙනෙකා එන්නත ජනතාවට ලබාදීම අත්හිටවයි

වැඩිවෙමින් පවතින අතුරු ආබාධ සහ මරණ හේතු කරගෙන අද වන විට ඉතාලිය ප්‍රංශය ජර්මනිය ඇතුළු යුරෝපීය රටවල් ගණනාවක්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නත තාවකාලිකව එම රටවල එන්නත් කරන ක්‍රියාවලියෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අද සිට ඉතාලිය ඇස්ට්‍රාසෙනෙකා එන්නත එන්නත් ව්‍යාපෘතියෙන් නවතන අතර දැනට මෙම එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන තිබෙන අයට පමණක් දෙවන මාත්‍රාව ලබා දීමට වැඩපිළිවෙළක් සකසන බව ඉතාලි සෞඛ්‍ය අංශ පවසනවා.

ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් ඇස්ට්‍රාසෙනෙකා සමාගම විසින් මේ වන විට ඔවුන්ගේ පැහැදිලි කිරීමක් යුරෝපා රටවලට යොමු කර ඇති බව මාධ්‍ය වාර්තා කරනවා, ඒ අනුව එක්සත් රාජධානිය සහ යුරෝපා රටවල් තුළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මිලියන 17 වැඩි ප්‍රමාණයකට එන්නත් කර තිබෙන බවත් ඉන් අතුරු ආබාධ පෙන්නුම් කර තිබෙන්නේ සුළු ප්‍රමාණයක් හෙයින් එන්නත පිළිබඳව මෙවන් තීරණයක් ගැනීම ඔවුන් විමතියට පත්කරන බව සමාගම ප්‍රකාශ කර තිබෙනවා. ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් අය අතරින් 15 දෙනෙකු රුධිර නාල අවහිර වීමේ අනතුරට මුහුණ දී ඇති බවත්, 22 පෙනහලු ආබාධ වලට ලක් වී ඇති බවත් වාර්ථාවෙනවා. ඒ වගේම ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගැනීමෙන් පසු 275 දෙනෙක් මරණයට පත්වී ඇති බව වාර්ථාවෙනවා.

ෆයිසර්-බයෝ එන්ටෙක්, මෝඩර්නා ඉන්කෝපරේටඩ් සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන ආයතනවල එන්නත් භාවිතා කළ පසුව මාර්තු 8 වන විට මරණ 1,637 ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී තිබේ. මීට අමතරව ෆයිසර්-බයෝ එන්ටෙක් එන්නත ලබා ගැනීමෙන් පසුව යුරෝපයේ 227 ක් මියගොස් තිබේ.

කෙසේ වෙතත් මේ එන්නත් ලබා ගැනීමෙන් පසුව සිදුවන අතුරු ආබාධ හෝ මරණ සම්බන්ධයෙන් වගකීම භාර ගැනීමට එන්නත් නිෂ්පාදනය කරන සමාගම් මැලි වෙන බව වුන්ගේ ප්‍රකාශ හරහා ගම්‍ය වෙමින් තිබේ. ඔවුන් තම තමන්ගේ එන්නතේ සාර්ථකත්වය පෙන්වීම සඳහා අනෙකාගේ එන්නතෙන් සිදුවන මරණ හෝ අතුරු ආබාධ පිළිබඳ කතා කරනවා විනා මේ එන්නත් සමාගම් වගකීම් භාරගැනීමට කිසිසේත්ම ඉදිරිපත් නොවන තැනට කටයුතු කරමින් සිටී.

 

leave a reply