ඉතාලිය ජර්මනිය ප්‍රංශය ඇස්ට්‍රාසෙනෙකා එන්නත ජනතාවට ලබාදීම අත්හිටවයි

වැඩිවෙමින් පවතින අතුරු ආබාධ සහ මරණ හේතු කරගෙන අද වන විට ඉතාලිය ප්‍රංශය ජර්මනිය ඇතුළු යුරෝපීය රටවල් ගණනාවක්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නත තාවකාලිකව එම රටවල එන්නත් කරන ක්‍රියාවලියෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අද සිට ඉතාලිය ඇස්ට්‍රාසෙනෙකා එන්නත එන්නත් ව්‍යාපෘතියෙන් නවතන අතර දැනට මෙම එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන තිබෙන අයට පමණක් දෙවන මාත්‍රාව ලබා දීමට වැඩපිළිවෙළක් සකසන බව ඉතාලි සෞඛ්‍ය අංශ පවසනවා.

ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් ඇස්ට්‍රාසෙනෙකා සමාගම විසින් මේ වන විට ඔවුන්ගේ පැහැදිලි කිරීමක් යුරෝපා රටවලට යොමු කර ඇති බව මාධ්‍ය වාර්තා කරනවා, ඒ අනුව එක්සත් රාජධානිය සහ යුරෝපා රටවල් තුළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මිලියන 17 වැඩි ප්‍රමාණයකට එන්නත් කර තිබෙන බවත් ඉන් අතුරු ආබාධ පෙන්නුම් කර තිබෙන්නේ සුළු ප්‍රමාණයක් හෙයින් එන්නත පිළිබඳව මෙවන් තීරණයක් ගැනීම ඔවුන් විමතියට පත්කරන බව සමාගම ප්‍රකාශ කර තිබෙනවා. ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් අය අතරින් 15 දෙනෙකු රුධිර නාල අවහිර වීමේ අනතුරට මුහුණ දී ඇති බවත්, 22 පෙනහලු ආබාධ වලට ලක් වී ඇති බවත් වාර්ථාවෙනවා. ඒ වගේම ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගැනීමෙන් පසු 275 දෙනෙක් මරණයට පත්වී ඇති බව වාර්ථාවෙනවා.

ෆයිසර්-බයෝ එන්ටෙක්, මෝඩර්නා ඉන්කෝපරේටඩ් සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන ආයතනවල එන්නත් භාවිතා කළ පසුව මාර්තු 8 වන විට මරණ 1,637 ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී තිබේ. මීට අමතරව ෆයිසර්-බයෝ එන්ටෙක් එන්නත ලබා ගැනීමෙන් පසුව යුරෝපයේ 227 ක් මියගොස් තිබේ.

කෙසේ වෙතත් මේ එන්නත් ලබා ගැනීමෙන් පසුව සිදුවන අතුරු ආබාධ හෝ මරණ සම්බන්ධයෙන් වගකීම භාර ගැනීමට එන්නත් නිෂ්පාදනය කරන සමාගම් මැලි වෙන බව වුන්ගේ ප්‍රකාශ හරහා ගම්‍ය වෙමින් තිබේ. ඔවුන් තම තමන්ගේ එන්නතේ සාර්ථකත්වය පෙන්වීම සඳහා අනෙකාගේ එන්නතෙන් සිදුවන මරණ හෝ අතුරු ආබාධ පිළිබඳ කතා කරනවා විනා මේ එන්නත් සමාගම් වගකීම් භාරගැනීමට කිසිසේත්ම ඉදිරිපත් නොවන තැනට කටයුතු කරමින් සිටී.

 

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...