පොලීසිය සමඟ ගැටුම් ඇතිකරගන්න එපා – පොලීසියෙන් ‘අමුතු’ කතාවක්

පොලිස් වාහන සඳහා ඉන්ධන ලබා ගැනීමට පොලිස් නිලධාරීන් පිරවුම්හල් වෙත පැමිණෙන අවස්ථාවලදී ඔවුන්ට බාධා කිරීමෙන් වළකින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසා තිබේ.

ඊයේ දිනයේදී කුරුණෑගල ප්‍රදේශයේදී සහ අතුරුගිරිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් විසින් ජනතාවට අමානුෂික ලෙස පහරදීමේ සිදුවීම් ගැන අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව තිබේ.

කුරුණෑගල සිදුවීමේදී ඉන්ධන සඳහා පෝලිමේ රැඳී සිටින පුද්ගලයෙකුට උසස් පොලිස් නිලධාරියෙකු විසින් නිකරුනේ පහරදෙන ආකාරය සහ පිස්තෝලයක් පෙන්වමින් එහි රැස්ව සිටින පිරිස් බිය ගන්වන ආකාරය දැකිය හැක.

එසේම අතුරුගිරිය සිදුවීමේදී ද දැකගත හැක්කේ පොලීසිය විසින් ජනතාවට අමානුෂික ලෙස පහරදෙමින් සිටින ආකාරයයි. අතුරුගිරිය සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් නම දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහෙත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු දක්වන්නේ ජනතාවගෙන් පොලීසියට හිරිහැර වූ ආකාරයටයි.

පොලිසිය යනු අත්‍යාවශ්‍ය රාජකාරියක් බැවින් පොලිසිය සමඟ ගැටුම් ඇතිකරගැනීමෙන් වැළකී සිටින ලෙසයි ඔහු ඉල්ලා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...