මුත්තු නගර් ගොවි විරෝධතාවය මග හැර අරුන් හේමචන්ද්‍රා පැනයයි.

වසර 50ක් තිස්සේ වගා කළ ගොවි ඉඩම් අක්කර 800ක් ගොවීන්ගෙන් බලහත්කාරයෙන් අත්පත් කර සමාගම් වලට පැවරීමට එරෙහිව මුත්තු නගර් ගොවි ජනතාව අද ත්‍රිකුණාමලය සංවර්ධන කමිටු රැස්වීමට ගොස් සාකච්ඡා කිරීමේ අදහසින් සම්බන්ධ වන ලදී. නිළ සාකච්ඡා ලබා ගැනීමට විවිධ අවස්ථා වල උත්සාහ කළත් එය අදාළ බලධාරීන් මග හැරීමත් – හමු වූ අය කල් මැරීමත් නිසා එන කන්නය වගා කිරීමට ඉඩම් කඩිනමින් අවශ්‍ය නිසාත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම ගොවීන්ගේ අරමුණ විය. නමුත් ගොවීන්ට කිසිදු සාකච්ඡාවක් නොවූ හෙයින් විරෝධතාවයක්ද සිදු කර සංවර්ධන කමිටු රැස්වීම යන අතරවාරයේ ගේට්ටු ඉදිරිපිට රැදී සිටිමින් විරෝධය දක්වන ලදී.

හවස 4.00ට පමණ දිස්ත්‍රික් ලේකම් සහ සංවර්ධන කමිටු නියෝජිත අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා ඇතුලු රාජ්‍ය නිළධාරී හා දේශපාලන අධිකාරිය සමග සාකච්ඡා කිරීමට 05 දෙනෙකුට අවස්ථාව ලබා දුන් අතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් ශාලාවට එන ලෙස දැනුම් දෙන ලදී. එම ස්ථානයට ගොවීන් සම්බන්ද වූ පසු අරුන් හේමචන්ද්‍රා විසින් “පහළට යමු” ලෙස දන්වා සිටි අතර පිරිස සාකච්ඡාව පවත්වන ස්ථානයේ ඔහු සහ අනෙක් මන්ත්‍රීවරයා නොසිටි අතර ගොවීන් මග හැර පැන යාමට කටයුතු කරන ලදී.

එනිසාවෙන් සාකච්ඡාව දිස්ත්‍රික් ලේකම්වරයාගේ මූලිකත්වයෙන් සිදු කළ අතර ගොවීන් මූණ දෙන ගැටලුව සම්බන්දව ඔවුන්ද පිළිගන්නා ලදී. අප විසින් ගොවීන්ට ඇති අයිතිය තහවුරු වන සියලු තොරතුරුත් කඩිනමින් දේශපාලන විසදුමකට යන ලෙස දන්වා සිටි අතර ඉන්පසු සාකච්ඡාව අවසන් වන ලදී. ඒ අතර තුර ගේට්ටුව අසල පොලිස් පහරදීමක් නිසා එක් අයෙක් රෝහල් ගත කිරීමටද සිදු විය. ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇත

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...