Breaking News

දුප්පත් රටවල ගෝලීය අසරණභාවය සහ ඔවුනට කරනු ලබන අසාධාරණය

උපාලි ජයසිංහ

පසුගිය සතිය මැද භාගය වන විට ලොව පුරා පරිපාලනය කරන ලද Covid 19 එන්නත් මාත්‍රා මිලියන 128 න් හතරෙන් තුනක්ම ලබාගෙන ඇත්තේ රටවල් 10 කි. රටවල් 130 ක බිලියන 2.5 ට ආසන්න සංඛ්‍යාවක් ඡනතාවගෙන් තවමත් කිසිවෙකුට එන්නත් ලබා දී නොමැත. මේ බව පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සියයි .

කවුරුන් උදෙසා ප්‍රථමයෙන් Oxford-AstraZeneca මාත්‍රාව ලබාදිය යුතුද ? බ්‍රිරිතාන්‍ය ක්‍රිස්ටියන් ඒඩ් පදනම විසින් ඉදිරිපත් කල මෙම මත විමසුමෙිදී ඊට ඉදිරිපත්වූ එක්සත් රාජධානියේ තුනෙන් දෙකකට ආසන්න පිරිසක් පවසන්නේ දුප්පත් රටවලට වඩා කොවිඩ් -19 එන්නත සඳහා ප්‍රමුඛතාවය ලබා ගැනීමට ධනවත් රටවලට අවශ්‍තාවයක් නැති බවයි. ඔවුන් එසේ ප්‍රකාශකලේ ලෝකයේ විශාල ප්‍රමාණයක් රටවලට තවමත් Covid 19 සදහා ජීවිතාරක්ෂක එන්නත් මාත්‍රාවලින් එක මාත්‍රාවක්වත් ලබා දී නොමැති බවට අනතුරු ඇඟවීම් මධ්‍යයේ ය. ඔවුන් කියා සිටියේ එක්සත් රාජධානියේ රජය විසින් කෝවිඩ් එන්නත් සූත්‍රය බෙදාහදා ගන්නා ලෙස ඖෂධ සමාගම්වලට බලපෑම් කළ යුතු බවයි. එමෙන්ම“එන්නත් නිෂ්පාදනය ඉහළ නැංවීමට සහ එන්නත් සමානාත්මතාවයෙන් යුතුව ළඟා කර ගැනීමට අපට ගෝලීය නායකත්වය අවශ්‍යය බවයි.

ක්රිස්ටියන් ඒඩ් පදනම විසින් සංවිධානය කරන ලද මෙම මත විමසුම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය පවසා ඇත්තේ පසුගිය සතිය මැද භාගය වන විට ලොව පුරා පරිපාලනය කරන ලද එන්නත් මාත්‍රා මිලියන 128 න් හතරෙන් තුනකට රටවල් 10 ක් දායක වී ඇති බවයි. බිලියන 2.5 ක ජනගහනයක් සහිත රටවල් 130 කට ආසන්න සංඛ්‍යාවක් තවමත් කිසිවෙකුට එන්නත් ලබා දී නොමැති බව ඔවුහු පැවසූහ.

“මෙම ස්වයං පරාජිත ක්‍රමෝපාය මගින් ලෝකයේ බොහෝ ජීවිත ද ජීවනෝපායන් ද අහිමි වනු ඇත, එන්නත විකෘති කිරීමට හා මග හැරීමට වෛරසයට තවත් අවස්ථාවක් ලබා දෙනු ඇත, එය ගෝලීය ආර්ථික ප්‍රකෘතිය අඩපණ කරනු ඇත” යනුවෙන් යුනිසෙෆ් හි විධායක අධ්‍යක්ෂ හෙන්රියාටා ෆෝර් සහ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මේ මස මුලදී ටැන්සානියාවේ සෞඛ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ “කොවිඩ් -19 එන්නත් භාර ගැනීමට රට තුළ කිසිදු සැලසුමක් නොමැති” බවයි, ඒවා සායනිකව ආරක්ෂිත බව ඔප්පු කර ඇති බවට තමන් සෑහීමකට පත් නොවන බව පවසමින්. ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඩොරති ග්වාජිමා සහ ඇගේ සෞඛ්‍ය නිලධාරීන් පවසා තිබුනේ Covid 19 සදහා ඖෂධ පැළෑටි, ඉඟුරු, සුදුළූණු සහ ලෙමන් ගෙඩි පානය කර ඒවායේ වාෂ්ප ආශ්වාස කිරීම මගින් වෛරසය ඝාතනය කිරීමේ ස්වාභාවික මාධ්‍යයක් ලෙස සලකන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර එන්නත් උපදේශන කණ්ඩායම්වල සහාය ඇතිව කොවැක්ස් ( Covax programme )නැමති වැඩසටහන සඳහා රටවල් 180 කට වැඩි සංඛ්‍යාවක් අත්සන් තබා ඇත. එහි අරමුණ වන්නේ ඖෂධ සමාගම් සමඟ සාකච්ඡා කිරීම සදහා වැඩි බලයක් ලබා දෙමින් ඒ සඳහා රටවල් කණ්ඩායමක් පත් කිරීමයි. අඩු හෝ මධ්‍යම ආදායම් ලබන රටවල් අනූ දෙකක පරිත්‍යාගශීලීන් විසින් අනුග්‍රහය දක්වන අරමුදලකින් ඖෂධ සමාගමිවලට ඔවුන්ගේ එන්නත් සදහා මුදල් ගෙවනු ලැබේ. කොවැක්ස් වැඩසටහන සඳහා එක්සත් රාජධානියේ රජය ඩොලර් මිලියන 548 ක් ලබා දී ඇත.

leave a reply