Breaking News

බොල්සොනාරෝ ලෝක බලවතුන්ට තර්ජනය කරයි

බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝගේ  පරිසර ප්‍රතිපත්තිය ලෝකයේ දැඩි විවේචනයට ලක්වෙච්ච එකක්. ඇමේෂන් වනාන්තරයේ  කොටස්කරුවෙකු වන  බ්‍රසීල එය ආරක්ෂා කිරීම අත්හරිමින් බොල්සොනාරෝ  ජනාධිපති වූවායින් පසුව  ඇමේෂන් වනාන්තරය විනාශ කරමින්  ඉඩම් අත්පත් කරගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගුවා.  ඔහු ප්‍රකාශ කර සිටියේ වනාන්තරයට වඩා රටේ ආර්ථිකය වැදගත් වෙනවා කියයි . බොල්සොනාරෝ ගී මේ පරිසර විනාශකාරී ප්‍රතිපත්තියට එරෙහිව පරිසර සංවිධාන මෙන්ම  ලගතු රටවල් ද ඔහුගේ මේ පරිසර ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කරමින් පරිසර විනාශය වළක්වාලීමට කටයුතු කළ යුතුයැයි චෝදනා කරනු ලැබුවා.

ලෝකයේ පැවැත්ම වෙනුවෙන් නිෂ්පාදනය වෙන ඔක්සිජන් වලින්  වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේ මේ නිවර්තන වැසි වනාන්තරයයි. ඇමේසන් වනය ලෝක උරුමයක් වන අතර එය කිසිවෙකුට හිතුමතේ  විනාශ කිරීමට හැකියාවක් නැහැ. නමුත් බොල්සොනාරෝගේ  අත්තනෝමතික ක්‍රියා  පිළිවෙත මේ සියල්ල ප්‍රතික්ෂේප කරමින් ආර්ථිකය නගාලීමේ වැඩපිළිවෙළේ ප්‍රමුඛ කාර්යයක් ලෙස ඔහු ඇමේසන් වනය හෙළි පෙහෙළි කරමින් ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුත්තේ  අදටත් නියැලී සිටිනවා.

 එල්ලවෙන විරෝධය හමුවේ බොල්සොනාරෝ මන්ගේ ප්‍රතිපත්තිය වෙනස් කරගන්නවා වෙනුවට  ඔහුට තර්ජනය කරන අයට තර්ජනය කරන්න පටන් අරගෙන තියෙනවා. ඔහු මේ තර්ජනාත්මක ප්‍රකාශය කරනු ලැබුවේ BRICS සමුළුවේදී ය.  එහිදී ඔහු කියා සිටියේ ඉදිරි දින කිහිපය තුළ බ්‍රසීලියානු ඇමේසන් වෙතින් නීති විරෝධී දැව ආනයනය කරන රටවල් ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කරන බවයි . “ඉදිරි දින කිහිපය තුළ අපි ඇමේසන් වෙතින් නීතිවිරෝධී ලෙස දැව ආනයනය කළ රටවල් හෙළි කරන්නෙමු. මෙම රටවල් සමහරක් එම ඇමසන් කලාපය පිළිබඳව මගේ රජයේ දැඩි විවේචකයින් වේ,” නැගී එන බලවතුන් කණ්ඩායමේ (රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව සමඟ බ්‍රසීලය) නායකයින් ඉදිරියේ ඔහු මෙසේ  පවසා තිබෙන බව වාර්තා වෙනවා.

 කෙසේ වෙතත් බොල්සොනාරෝගේ පරිසර ප්‍රතිපත්තියට එරෙහිව  පරිසර සංවිධාන ගෙන ගිය විරෝධතාවය මැඩපවත්වා ලීමට  බොල්සොනාරෝ කටයුතු කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වෙනවා. පරිසර සංවිධාන සහ පරිසර  හිතකාමීන් ගේ විරෝධය අඩපන කරමින්  දැනටමත්  වනාන්තර අභ්‍යන්තරයේ  පතල් කැණීම  සහ ලැව් ගින්න ප්‍රවර්ධනය කරන බවයි .

බ්‍රසීල ජාතික අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය (INPE) විසින් සම්පාදනය කරන ලද පසුගිය වසර තුනක කාලය තුළ ඇමේසන් වනාන්තර විනාශය පිළිබඳ නිල දත්ත මාලාව පෙන්නුම් කරන්නේ වනාන්තර විනාශයේ සලකුණු සහිත ප්‍රදේශ පිළිබඳ මූලික අනතුරු ඇඟවීම් වසරින් වසර සනාථ වී ඇති බවයි. වර්ග කිලෝමීටර 6,800 ක් වනාන්තර විනාශ කළ හැකි බව 2018 අගෝස්තු සිට මේ වසරේ ජූලි දක්වා අනතුරු ඇඟවීම් වලින් ඇඟවුණි. සාපේක්ෂව, 2017 අගෝස්තු සිට 2018 ජූලි දක්වා අනතුරු ඇඟවීම් මගින් වර්ග කිලෝමීටර 4,500 ක් වන විනාශය වාර්තා වූ අතර නිල සංඛ්‍යාව වර්ග කිලෝමීටර 7,500 ක් හෙවත් 64.8% වැඩි විය.

මෙම තොරතුරු හෙළිදරවු කිරීම  බොල්සොනාරෝගේ විවේචනයට තුඩු දී ඇති අතර, ඒ අනුව එම සංඛ්‍යා රටේ ප්‍රතිරූපයට  හානි පැමිණ වූ බවට බොල්සොනාරෝ චෝදනා කර තිබුණා.

leave a reply