මඩකලපුවේදී පිල්ලෙයන් අත්අඩංගුවට 

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මඩකලපුවේදී අත්අඩංගුවට අරන් තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව දැනගන්නට තිබෙනවා .

පිල්ලෙයාන්ට එරෙහි චෝදනා ගණනාවක් පිළිබඳව පහුගිය කාලවකවානුව තුළ අසන්නට ලැබුනද ඔහු අවස්ථා ගණනාවකදී එම චෝදනා සම්බන්ධයෙන් කට උත්තර ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ිය අවස්ථා මාධ්‍ය වාර්තා කර තිබුණා .

පුද්ගලයෙකු අතුරුදහන් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අද පිල් යාන්ව අත්අඩංගුවට ගෙන ඇති බව දැනගන්නට තිබුනද තවමත් ඒ පිළිබඳව ස්ථිර ප්‍රකාශයක් විසින් සිදු කර නැහැ .2007 වර්ෂයේදී නැගෙනහිර විශ්වවිද්‍යලයේ උපකුලපති රවීන්ද්‍රනාත් සුබ්‍රමනියම් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම   පිළිබඳව දව පිල්ලෙයාන් කණ්ඩායම සහ හමුදා බුද්ධි අංශ විසින් සිදුකළ පැහැරගැනීමක් බවට සැක පැවතුණා.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...