සෞඛ්‍ය සේවකයන්ට ප්‍රවාහන පහසුකම් නෑ – රජයේ පාවිච්චිය සැප වාහන 399ක්

මෙහි එක් ඡායාරූපයකින් දැක්වෙන්නේ අද දිනය තුළ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කරන සෞඛ්‍ය සේවකයන් ප්‍රවාහනය යොදවා ඇති ලංගම බස් රථයකුයි. එහි කිසිදු සමාජ දුරස්ථකාරණයකින් තොරව සෞඛ්‍ය සේවකයන් ගමන් ගන්නා ආකාරය දැකිය හැකි වේ.

මෙහි දෙවන ඡායාරූපයෙන් දැක්වෙන්නේ රාජ්‍ය බැංකුවක් වෙන ලංකා බැංකුවේ රුපියල් බිලියන 3.5ක මූල්‍ය පහසුකමක් යටතේ රජයේ පරිහරණය සඳහා අධි සුඛෝපභෝගී වාහන 399ක් ගෙන්වීම පිළිබඳ නිව්ස් ටියුබ් වෙබ් අඩවිය කර ඇති අනාවරණයයි.

මෙම වාහන ගෙන්වීම සිදුකරන්නේ රජය මගින් වාහන ආනයනය තහනම් කර තිබියදී වීම විශේෂත්වයක්. මෙම ආනයනය කෙරෙන වාහන අතරට සුඛෝපභෝගී ලෑන්ඩ් කෘසර් වර්ගයේ රථ 227 ක් ඇතුළත් වෙන බව අනාවරණය වී තිබේ.

වසංගතයක් අවස්ථාවක එහි පළමු පෙළ ක්‍රියාකාරිකයන් ලෙස සළකන සෞඛ්‍ය සේවකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව සහ පහසුකම් වැඩි කිරීම වෙනුවෙන් මුදල් නැතැයි කියමින් කන්කෙඳිරි ගාන පාලකයන්ට තමන්ගේ සුඛ විහරණය සඳහා ජනතාවගේම මුදල් කිසිදු හිරිකිතයකින් තොරවම යොදාගනිමින් සිටින බව පැහැදිලිය.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...