සෞඛ්‍ය සේවකයන්ට ප්‍රවාහන පහසුකම් නෑ – රජයේ පාවිච්චිය සැප වාහන 399ක්

මෙහි එක් ඡායාරූපයකින් දැක්වෙන්නේ අද දිනය තුළ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කරන සෞඛ්‍ය සේවකයන් ප්‍රවාහනය යොදවා ඇති ලංගම බස් රථයකුයි. එහි කිසිදු සමාජ දුරස්ථකාරණයකින් තොරව සෞඛ්‍ය සේවකයන් ගමන් ගන්නා ආකාරය දැකිය හැකි වේ.

මෙහි දෙවන ඡායාරූපයෙන් දැක්වෙන්නේ රාජ්‍ය බැංකුවක් වෙන ලංකා බැංකුවේ රුපියල් බිලියන 3.5ක මූල්‍ය පහසුකමක් යටතේ රජයේ පරිහරණය සඳහා අධි සුඛෝපභෝගී වාහන 399ක් ගෙන්වීම පිළිබඳ නිව්ස් ටියුබ් වෙබ් අඩවිය කර ඇති අනාවරණයයි.

මෙම වාහන ගෙන්වීම සිදුකරන්නේ රජය මගින් වාහන ආනයනය තහනම් කර තිබියදී වීම විශේෂත්වයක්. මෙම ආනයනය කෙරෙන වාහන අතරට සුඛෝපභෝගී ලෑන්ඩ් කෘසර් වර්ගයේ රථ 227 ක් ඇතුළත් වෙන බව අනාවරණය වී තිබේ.

වසංගතයක් අවස්ථාවක එහි පළමු පෙළ ක්‍රියාකාරිකයන් ලෙස සළකන සෞඛ්‍ය සේවකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව සහ පහසුකම් වැඩි කිරීම වෙනුවෙන් මුදල් නැතැයි කියමින් කන්කෙඳිරි ගාන පාලකයන්ට තමන්ගේ සුඛ විහරණය සඳහා ජනතාවගේම මුදල් කිසිදු හිරිකිතයකින් තොරවම යොදාගනිමින් සිටින බව පැහැදිලිය.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...