Breaking News

ඉන්දීය ගොවි විරෝධතාකරුවෝ නවදිල්ලි රතු බලකොටුවට ඇතුළු වෙති!

ඉන්දිය ගොවි විරෝධතාවයේ සටන්කාමී කණ්ඩායම්, අද(26) ජනරජ උත්සවය පැවති රතු බලකොටුවට ඇතුළු වූහ.
ට්රැක්ටර් පෙළපාළියක් සංවිධානය කරමින් ගොවි අරගලයේ සංකේතාත්මක විරෝධය ජනරජ දිනයේ කූටප්රාප්තියට ගෙන ඒම ගොවි සංවිධානවල අරමුණ වී තිබුණි. මාස දෙකක් පමණ නවදිල්ලි අගනුවරට ඇතුළුවීම අවහිර කරමින් පැවති පොලිස් බාධක බිඳ දමමින් ඔවුන් අද පොලිසිය සමග ගැටුණු බව වාර්තා විය. ස්ථාන කිහිපයකම ඉදිකරන ලද පොලිස් බාධක පෙරලා දැමූ ඔවුන්ට ඉන්දිය පොලිසියේ බැටන් පොලුවල පහරකෑමට මෙන්ම කඳුළු ගෑස් ප්රහාර මුහුණදීමට සිදු විය.
විරෝධතාකරුවන් විසින් සමාජ ජාල මාධ්ය හරහා සන්නිවේදනය කිරීම හා සිදුවීම්වල තොරතුරු ප්රචාරය කිරීම අවහිර කරමින් ඉන්දිය බලධාරින් විසින් සිංගු, ගාසිපූර්, ටික්රි, නන්ග්ලෝයි සහ යාබද ප්රදේශ ඇතුළු නවදිල්ලිය ආශ්රිත විශාල ප්රදේශයක ජංගම අන්තර්ජාල සේවා බිඳදමා ඇත. මීට අමතරව, විරෝධතාකරුවන් ගමන් කිරීමට භාවිත කරනු ඇති බවට අනුමාන කළ ගමනාගමන මාර්ග සමඟ උමං දුම්රිය මාර්ගවල පිවිසුම් හා පිටවීමේ ස්ථාන බලධාරින් විසින් වසා දමා ඇත.
කෘෂි ඉඩම් සමාගම්වලට භාවිත කිරීමේ පහසුකම් වෙනුවෙන් 2020 සැප්තැම්බර් මාසයේ පාර්ලිමේන්තු සැසිවාරයේදී සම්මත කරන ලද කෘෂි නීති තුනක් අහෝසි කරන ලෙස ඉල්ලා ගොවීන් පසුගිය මාස ගණනක් තුළ විවිධ ප්රාන්තවල විරෝධතා දක්වා ඇති අතර එහි අවසන් ජයග්රහන වෙනුවෙන් ජනරජ දින විරෝධතාව සඳහා නව දිල්ලි දේශසීමාවේ කඳවුරු බැඳගෙන සිටියහ. ගොවීන් සහ මෝඩි පාලනය අතර පැවති සාකච්ඡා එකොළහක් තුළ ගොවීන් අතරමැද එකඟතාවලට ගෙන ඒමට බලධාරින් අසමත් විය.
අදානි, අම්බානි වැනි ඉන්දිය ප්රකෝටිපති ව්යාපාරිකයන්ගේ මෙන්ම බහුජාතික සමාගම්වලට ගොවි ඉඩම් කොල්ලකෑමට ඉඩ සලසමින් සම්මත කළ මෙම නීති ගොවි ජනතාව විසින් තරයේ ප්රතික්ෂේප කර තිබේ. එම නීති අහෝසි කිරීමෙන් මෙහා සිය අරගලය නතර නොවන බව එරට ගොවි නායකයන් ප්රමුඛ සමස්ත ඉන්දියාවේම ගොවියන්ගේ අදහස බව තහවුරු වී හමාරය.
ඉන්දිය රජය විසින් පත්කරන ලද කමිටුවකින් ගෙන ආ යෝජනා මෙන්ම ගොවි ඉල්ලීම් සම්බන්ධ අතරමැදි ඒකඟතාවක් සඳහා පදනම සකස් කරමින් කෘෂි පනත් 3 යම් කාලයකට අත්හිටුවීමට ශ්රේෂ්ඨාධිකරණය දුන් නියෝගයද ගොවීන් ප්රතික්ෂේප කර තිබේ. ගොවීන් ඉල්ලා සිටින්නේ ගොවි ජනයා සමග කෘෂි ඉඩම් සමාගම්වලට බිලි දෙන නීති සම්පූර්ණයෙන් ඉවත් කරන ලෙසයි.
ගොවි අරගල මධ්‍යස්ථානය

leave a reply