උදයංගගේ ‘ට්‍රැවල් බබල්’ ව්‍යාපෘතියෙන් පැමිණි යුක්‍රේන ජාතිකයන් පිරිසකට කොවිඩ්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි ගුවන්යානයේ සිට යුක්‍රේන ජාතිකයන් තිදෙනෙකු ආසාදිත බව’ හඳුනාගෙන ඇති බව සෞඛය අංශ සඳහන් කරනවා.

ඊයේ (29) දිනයේ සංචාරකයන් පිරිස මත්තලින් ගුවන් තොටුපලට පැමිණ තිබෙන අතර එම පිරිස PCR පරික්ෂාවට යොමු කිරීමෙන් පසුව ගුවන් තොටුපොළ බලධාරීන් ඔවුන් පිරිසේ තිදෙනෙක් ආසාදිත බව හඳුනා ගෙන ඇත.

ඒ අනුව ආසාදිත’ විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාවලිය අනුව නිරෝධායන ක්‍රියාවලියට යොමුකර තිබේ.

කොරෝනා වසංගතයෙන් පසුව, පළමුවරට විදේශීය සංචාරකයන් සදහා ගුවන් ගමන් අවසරදීම යටතේ පළමු සංචාරකයන් පිරිස ලෙස යූක්‍රේනයේ සංචාරකයන් 185 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් අද(28) මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඊයේ දිනයේත් තවත් යුක්‍රේන සංචාරකයන් 204ක් මෙරටට පැමිණ තිබේ. සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ උදයංග වීරතුංග විසින් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් අනුවයි.

මෙම සංචාරකයන්ට ගැලපෙන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙනස් කිරීමට අදාළ තීරණ කිහිපයක්ද ආණ්ඩුව පාර්ශවයෙන් ගනිමින් සිටින බව ආණ්ඩුව ප්‍රකාශ කිරීමත් සමඟ මෙය තව තවත් කොවිඩ් වෛරසයට රට නිරාවරණය කිරීමක් ලෙස මත පළවෙමින් තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...