උදයංගගේ ‘ට්‍රැවල් බබල්’ ව්‍යාපෘතියෙන් පැමිණි යුක්‍රේන ජාතිකයන් පිරිසකට කොවිඩ්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි ගුවන්යානයේ සිට යුක්‍රේන ජාතිකයන් තිදෙනෙකු ආසාදිත බව’ හඳුනාගෙන ඇති බව සෞඛය අංශ සඳහන් කරනවා.

ඊයේ (29) දිනයේ සංචාරකයන් පිරිස මත්තලින් ගුවන් තොටුපලට පැමිණ තිබෙන අතර එම පිරිස PCR පරික්ෂාවට යොමු කිරීමෙන් පසුව ගුවන් තොටුපොළ බලධාරීන් ඔවුන් පිරිසේ තිදෙනෙක් ආසාදිත බව හඳුනා ගෙන ඇත.

ඒ අනුව ආසාදිත’ විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාවලිය අනුව නිරෝධායන ක්‍රියාවලියට යොමුකර තිබේ.

කොරෝනා වසංගතයෙන් පසුව, පළමුවරට විදේශීය සංචාරකයන් සදහා ගුවන් ගමන් අවසරදීම යටතේ පළමු සංචාරකයන් පිරිස ලෙස යූක්‍රේනයේ සංචාරකයන් 185 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් අද(28) මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඊයේ දිනයේත් තවත් යුක්‍රේන සංචාරකයන් 204ක් මෙරටට පැමිණ තිබේ. සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ උදයංග වීරතුංග විසින් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් අනුවයි.

මෙම සංචාරකයන්ට ගැලපෙන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙනස් කිරීමට අදාළ තීරණ කිහිපයක්ද ආණ්ඩුව පාර්ශවයෙන් ගනිමින් සිටින බව ආණ්ඩුව ප්‍රකාශ කිරීමත් සමඟ මෙය තව තවත් කොවිඩ් වෛරසයට රට නිරාවරණය කිරීමක් ලෙස මත පළවෙමින් තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...