නව අගමැතිවරයෙක් යටතේ ජාතික සභාවක් ගැන යෝජනාවක්

වර්තමාන අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුක්ත ජාතික සභාවක් පත් කරන්නට ජනාධිපතිවරයා සිය කැමැත්ත පළ කළ බව ශ්‍රීලනිපය ප්‍රකාශ කරයි.

ඊයේ උදේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ශ්‍රීලනිපය සමග පක්ෂ 11 නායකයන් ජනාධිපතිවරයා මුණගැසුනු අතර එහිදී නව අගමැතිවරයෙක් යටතේ ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකඟවී ඇත.

මෙහිදී අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් නොමැති බව යි.

නව අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය නම් කිරීම එම ජාතික සභාව මඟින් සිදුකිරීමට යෝජනා වී ඇති බවට ඔහු පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරු පත් කරන්නේ කෙසේ ද, අමාත්‍යංශ ලේකම්වරු පත් කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද ජාතික සභාව විසින් තීරණය වනු ඇති බවත් පැවසිය.

මේ අතර ජනතිපති කාර්යාලය නිවේදයක් නිකුත්කරමින් පැවසුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇරයුම් කරන බවයි.

2020 මහ මැතිවරණයෙන් පසු ආණ්ඩු පක්ෂ නියෝජනය කර, මේ වන විට ස්වාධීනව සිටින පක්ෂ නායකයින් හා නියෝජිතයන් සමග ඊයේ (29) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළ බවට එම නිවේදනයේ පැවසීය.

මේ අතර ට්විටර් පණිවිඩයක් නිතුක් කරමින් මන්ත්‍රී නාමල් රාපක්ෂ කියා සිටියේ අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට නම් සියලුම ප්‍රධාන පක්ෂ එකට එකතු වී නියෝජනය කළ යුතු බව යි.

පොදුජන පෙරමුණේම කොටස් දෙකක් නැවතත් ආණ්ඩුවක් සැදීමට එකතු වුවහොත් සිදුවනුයේ දැනට පවතින සභාගයම දීර්ඝ කිරීමක් පමණක් බව ද ඔහු සඳහන් කර සිටියේ ය.

Share post:

Popular

More like this
Related

නේපාලයේ දී අතුරුදහන් වූවන්ගේ ප්‍රමාණය ඉහළට 

අගෝස්තු 26 වන දින ටිබෙටයට මායිම්ව පිහිටි රසුවා දිස්ත්‍රික්කයට ...

රවි කරුණානායක අත්අඩංගුවට 

හිටපු අමාත්‍යවරයෙකු සහ වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු...

22

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...