Breaking News

මේ විකාශය වෙමින් තියෙන්නේ පරණ ටෙලි සීරීස් එකමද?

පසුගියදා වෙඩි වැදීමෙන් මිය ගොස් සිටි රජිව ජයවීරගේගේ සියදිවි නසා ගැනීමක් යන්න තහවුරු කිරීමට පොලීසිය දරන උත්සාහය ගැන සැක මතුව තිබේ. රජීවගේ මරණයට තිබෙන ප්‍රධානතම සාක්ෂිය සැළකෙන සිය දිවිනසා ගැනීමට පෙර ලිව්වා යයි සැළකෙන ලිපිය ඉතාම කඩිනමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනානායක විසින් සමාජයට ඉදිරිපත් කරන ලදී. එසේම මෙවැනි මළ සිරුරක් නිදහස් චතුරශ්‍රයේ තිබෙන බව සඳහන් පුවත් වාර්තාකරණයෙන් පැය කිහිපයක් ගතවෙන විටම මෙය සිය දිවි නසා ගැනීමක් බව පැවසීමට පොලීසියට මාර තදියමක් පැවති බව දක්නට ලැබුණි. යම්කිසි මරණයක් සිදුවූ පසු පවතින සාමාන්‍ය ක්‍රමවේදය වන්නේ පරීක්ෂණ කිහිපයක් සිදුකර එම එහි අවසන් තීරණ මත මිනි මැරුමක්ද නැද්ද යන්න තහවුරු කිරීමයි. නමුත් ඉතා තදියමකින් පොලීසිය විසින් සියදිවි නසා ගැනීමට පෙර ලියූ බව කියවෙන ලිපියක් සොයා ගත බව සඳහන් කරමින් එය සමාජය වෙතද ඉදිරිපත් කෙරිණි.

නමුත් අපරාධ ස්ථානක හා ඊට අදාල මරණකරු සතු සියලුභාණ්ඩ පොලිස් මුදාව තබා නඩු භාණ්ඩ කුවිතාන්සි වල ඇතුලත් කොට එය මහේස්ත්‍රාත්වරයාට පෙන්නා සටහන් කරවා නොගෙන වහාම රටේ ජනතාවට ලිපිය පෙන්නා….”මේ තියෙන්නේ ඒ පිටු දෙකක් පුරාවට ලියු ලිපියයි ….” කීම රටේ අධිකරණය ගැන මහජනතාවට විශාල සැකයක් ඉපදවීමකි.

මිට අමතරව මරණය අවස්ථාවේ අවට ආරක්ෂක කැමරා පද්ධති අක්‍රියව පවතී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ. මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ ඝාතන බොහෝ ප්‍රමාණයදීම මෙවැනි සැක කටයුතු සිදුවීම් වාර්තා වී තිබුණි. තජුඩින් සිය මෝටර් රථය අනතුරට ලක්වීමෙන් මරණයට පත් වූ බවට පොලිසියේ ප්‍රධානින් මෙන්ම ජ්‍යෝෂ්ඨ අධිකරණ වෛද්‍යවරයකු වූ ආනන්ද සමරසේකර පවා වාර්තා ලබා දී තිබිණි. අපරාධ වසන් කිරීමට සම්බන්ධවන එවැනි පුද්ගලයන් අපරාධයේ හවුල්කරුවන් ලෙස අධිකරණය හමුවට පමුණුවන ලදී. සමහර ඝාතන සම්බන්ධ නඩු සහ පරීක්ෂණ කල් ඇදෙමින් පවතිනව මිස ඉදිරියට යාමක් දක්නටද නොලැබේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රදීප් එක්නැළිගොඩ අතුරුදන් වීම, ජනක – සිසිත ඝාතනය, තාජුඩීන් ඝාතනය, ලලිත් – කුහන් අතුරුදහන් වීම, වැලිකඩ බන්ධනාගාර ඝාතන, තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, ශිවරාම් ඇතුළු දමිළ මාධ්‍යවේදීන් ඝාතනය, ත්‍රීකුණාමලයේදී තරුණයන් පස් දෙනෙකු ඝාතනය කිරීම ආදී මහින්ද පාලන සමයේ සිදුවූ ඝාතන සහ අතුරුදහන් වීම් පිළිබඳ දිගු ලැයිස්තුවක් සකස් කළ හැක. මෙයට තවත් යුද්ධයේදී අතුරුදහන් වූ දෙමළ තරුණ තරුණියන්ද එක් කළ හැක. මේ සෑම සිදුවීමකදීම පෙනී යන කරුණක් වන්නේ ඒවා පැහැදිලි ඝාතන රාජ්‍ය හෝ හමුදා මැදිහත්වී සිදුකළ ඝාතන හෝ අතුරුදහන් වීම් බව දක්නට ලැබුණද ඒ පිළිබඳ සිදුවන පරීක්ෂණ ඉතා මන්දගාමිව සිදුවීමයි. නැතහොත් චෝදනා ලද පුද්ගලයන්ට විරුද්ධව පියවර නොගැනීමයි. නඩු විභාගයකදී අමුතු තීන්දු ලබාදීම යන්නයි. මෙම සිදුවීම් බොහෝ විට විශ්වාස කළ නොහැකි නාටකීය ස්වරූපයක් ගන්නා ලදී.

රජීව ජයවීර කලක් ‘ශ්‍රීලන්කන්’ සමාගමේ විධායක නිලයක කටයුතු කළ ඔහු පසුකාලයක ඒම ගුවන් සමාගමේ වංචාවක් අනාවරණය කරන ලදී. මිහින් ලංකා සමාගමේ එම සිදුවූ වංචා රාජපක්ෂ ආණ්ඩුවේ වංචා දූෂණ සම්බන්ධ නිදසුනකි. ඇඳිරි නීතිය සහිත රාත්‍රියේ නිදහස් චතුරශ්‍රය වෙත පැමිණියේ කෙසේද යන්නත් කොළඹ අවට ආරක්ෂක අංශ නොදැන පැමීණයේ කෙසේද යන්න සැක උපදවන කරුණු වේ. එසේනම් නැවත සිදුවෙමින් යන්නේ පෙර නාටකය නැවත රඟ දැක්වීමද යන සැකය මතුවේ.

leave a reply