2023දී අපේක්ෂිත බදු ආදායම උපයා ගැනීමට බැරි වෙලා

2023 වර්ෂය තුළ රජයේ අපේක්ෂිත බදු ආදායම ලබා ගැනීමට නොහැකි වී ඇති බව පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාවෙන් පෙන්නුම් කරන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල පැවසීය.

මෙම පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ වාර්තාව නිකුත් කර ඇත්තේ 2024-05- 18 වැනි දාය. එම වාර්තාවට අනුව 2024 අප්‍රේල් මාසයේ දී අදාළ වර්ෂය සඳහා 2023 රජයේ ආර්ථික බදු ආදායම වූයේ රුපියල් බිලියන 3104 ක් වුවත් රජයට ලැබී ඇත්තේ රුපියල් බිලියන 20695 ක ප්‍රමාණයකි.

ඒ අනුව රුපියල් බිලියන 408 ක් පමණ අපේක්ෂිත ආදායමට වඩා අඩු ආදායමක් රජයට ලැබී ඇති බව මෙම වාර්තාවේ සඳහන් වෙයි. රජයේ අපේක්ෂිත ආදායමෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් රුපියල් බිලියන 1667 ක්අපේක්ෂා කළද ලැබී ඇත්තේ රුපියල් බිලියන 1550 ක් බවද එහි සඳහන් වේ.

ශ්‍රී ලංකා රේගුවෙන් අපේක්ෂා කරන ලද ආදායම රුපියල් බිලියන 1220 ක් වුවත් ලැබී ඇත්තේ රුපියල් බිලියන 974 ක ප්‍රමාණයකි. සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් රුපියල් බිලියන 217 ක් අපේක්ෂා කළද ලැබී ඇති මුලු ආදායම රුපියල් බිලියන 171 ප්‍රමාණයකි. 2023 ක වසර තුළ රජයේ ආදායම අපේක්ෂිත මට්ටම කරා ළඟා වීමට නොහැකි වී ඇත.

මහාචාර්ය වසන්ත අතුකෝරල පවසන පරිදි 2024 වර්ෂයේ දී අපේක්ෂා කරන ආදායම රුපියල් බිලියන 3789 කි. එම ආදායම කරා ළඟා වීමට නම් පෙර වසරට සාපේක්ෂව රුපියල් බිලියන 1093 ක පමණ ප්‍රමාණයක් වැඩි කර ගැනීමට සිදු වේ. රජයේ ආදායම වැඩි කර ගැනීම සඳහා මේ වන විට රජය අරගෙන ඇති ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය පහළ මට්ටමක පැවතීම මෙයට ප්‍රධාන කරුණකි.

එයට අමතරව 2023 වර්ෂයේ පැවති ඍණ ආර්ථික වර්ධනය එසේත් නැතහොත් ආර්ථිකය හැකිලීම ද මේ සඳහා බලපා ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරාල පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...