Breaking News

ඔබව නරඹමින් සිටී – ප්‍රවේශමෙන් රඟපාන්න

නිවසට අමුත්තන් පිරිසක් පැමිණ යම් කාලයක් ගතවූ පසු අපි බලා සිටින්⁣නේ ඔවුන් නැවතත් නිවසින් පිටව යන තුරුය- මන්දයත් බාහිර පාර්ශවයකට අපිව නිරීක්ෂණය වන විට අපිට සැබෑ ස්වරූපයෙන් අපිට අපි ලෙසින් හැසිරීමට හැකියාවක් නොලැබී යයි- එම බලාසිටින්නාට අප දැකිය යුතු ආකාරයට අප හැසිරෙන්නට උත්සහ කරයි- නිරන්තරයෙන් අනෙකෙකුගේ නිරීක්ෂණය යටතේ ජීවත්වීම එනයින්ම පීඩාවක් බවට පත්වෙයි- පසුගිය දිනෙක කැළණිය සරසවියේ CCTV කැමරා ගැළවීම් සිදුවීමද මේ හා බැදී පවතී- බොහෝ දෙනෙකු එම ක්රියාව විමසා බැලීමකින් තොරව විවේචනය කලද, තමන්ගේ අනුමැතියක් හෝ නිසි දැනුවත් කිරීමක් නොමැතිව නිරීක්ෂණයට ලක්වන්නන්ගේ අයිතිවාසිකම් පිළිබදව කිසිවෙකු කථා නොකරයි.
එම කැමරාවන් ධනපති සමාගම්වල සූරාකෑම දෙසට, වන විනාශයන් දෙසට නොහැරවන්නේ මන්ද යැයි කිසිවෙකු නොවිමසයි- කැමරාවන් ඉදිරියේ තමන්ගේ ජීවිතයම ප්රදර්ශනය වන්නට ඉඩහරින්නට වන තරුණියකගේ වීරත්යේ හා ඛේදවාචකයයේ කතාවයි 2017 නිර්මිත The circle.
චිත්රපයයේ ප්රධාන චරිතය ‘මායි’ The Circle නම් දැවැන්ත තාක්ෂණික සමාගමක රැකියාවක් ලැබ එහි සිය වෘත්තීය ජීවිතය ඇරඹීමත් සමග චිත්රපටය අරම්භවේ- ඇගේ දෑසින් Circle දිහා බලා සිටින ප්රේක්ෂකාගාරයට එය දැනෙන්නේ ස්වර්ගය සමීපයේ ඇති යමක් ලෙසින්ය- ප්රියසම්භාෂණ, සතුටුසාමිච්චි මැද ප්රමෝදයෙන් ගෙවන සේවක ජීවිත වල යථාර්තය ගැන ඉගියක් අපට ලබාදෙන්නේ වරින් වර කතාව තුල හමුවනඇනී නම්ඇගේ මිතුරියගේ චරිතය තුළින්ය- ඇය වරක් මායිටපවසන්නේ තමන්ට නිදාගැනීමට වෙලාවක් නොලැබුන බවත් නමුත් තමන් පෙත්තක් භාවිතා කල බවත්ය- මවාපාන ෆැන්ටසිය යටින් ඇති යථාර්තය වන්නේ ඇනී ය- කොළඹ විවිධ රැකියාවන්ට පැමිණෙන, නවීන ජංගම දුරකථනයකින් සෙල්ෆි ගන්න, ෆිනෑන්ස් කර වාහනයක් ගන්න ගොඩක් දෙනෙක්ගෙ එළියට පෙන්නන ෆේස් බුක් එකේ තියෙන ජීවිතයෙන් ඔබ්බට ඇතුලෙ තියෙන්නෙ මොකක්ද කියල බැලුවොත් අපිට හම්බවෙන්නෙ සමාගමකට කඹුරල හෙම්බත්වෙච්ච තමන්ටවත් අයිති නැති ඇනීගේ ගෙ බඳු ජීවිතයක්.
අපි දිවා රෑ බලන් නැතුව වැඩකරනව අනාගත සාර්ථක ජීවිතයක් වෙනුවෙන් .සමාගම ලබාදෙන ඉලක්කයන් වෙත ළගා වෙන්න මායි සති අන්තයට හෝ නිවසට නොයා වැඩකරනව- චිත්රපටය ආරම්භයේදී මායි තම දෙමාපියන් සමග සති අන්තයන් විනෝදයෙන් ගතකරන ආකාරය අප දකිනවා, ඇයට තිබුණ ගැටළුව නම් පියාගේ fඖෂධ සදහා අවශ්යය මුදල් සොයා ගැනීමයි- Circle මගින් ලබා දෙන සෞඛ්ය ය ආවරණයෙන් ඇගේ පියාට අදාල සෞඛ්ය ය පහසුකම් ලැබෙන අතර ඇයට සිය පවුල සමග ගතකිරීමට ඇති කාලය අහිමි වෙයි- සමාගම විසින් සිය සේවකයන් වෙනුවෙන් සපයන සේවාවන් ලෙස පෙනුනද අවසාන⁣යේ සිදුව ඇත්තේ එම සේවකයන්ගේ ශ්රමය පූර්ණ ලෙස සූරාකෑමට අවශ්යය වාතාවරණය සකස්කර ගැනීමයි- පියාට අදාල පහසුකම් ලැබීමත් සමග මායි ට සෑම සතිඅන්තයකම නිවසට යාමේ අත්යාවශයතාව නැතිවන අතර සමාගමට වඩා වැඩි බැදීමක් ඇතිවෙයි- සතිඅන්තය පවා සමාගම තුළම ගතකිරීමට පෙළඹෙයි- මෙහිදී පෙර සදහන් කළ ලෙස ප්ැ මෙන්ම අපද මෙලෙස වෙහෙසවී වැඩකරනුයේ අපගේ සාර්ථකත්වය වෙනුවෙන් යැයි සිතුවද සැබෑ ලෙස සිදුවන්නේ සමාගමක ලාභය වෙනුවෙන් අපගේ ජීවිත දියකර දැමීමය.
ජීව දත්ත ඇතුළත් විද්යුත් හැදුනුම්පත්, CCTV කැමරා ආදී විවිධ කරුණු පිළිබඳ ආසන්න කාලසීමාවකදී සමාජයේ බොහෝ කතාබහ ඇතිවිය- එහිදී ශිෂ්ය ව්යාපාරය වැනි සෘජු රාජ්ය මර්දනයට නිරන්තරයෙන් මුහුණදෙන සංවිධාන හා වෙනත් වෙනත් දේශපාලනික කියවාගැනීමක් ඇති ව්යාපාරයන් හැරෙන්නට පොදු සමාජයේ මතයවුයේ එය යහපත් දෙයක් ලෙසය- සරළව CCTV කැමරාවලින් සුපර් මර්කට් එකේ බඩු හොරකන් කරන අය අල්ලගන්න පුලුවන් වැනි සරළ තැනකින් ඔවුන් එම ව්යාපෘතීන් වටහා ගනී.මෙම චිත්රපටය තුළද මායි සිය ඔරුව පෙරළී ගගෙහි ගිලෙන්නට යනවිට Circle කැමරා හරහා එය දැක ගලවාගැනීමේ අංශ ඇයව බේරාගැනීමට කටයුතු කරයි ඒ අනුව එම Circle ව්යාපෘතිය සමාජයට මහත් ස්වයක් සිදුකරන බව මායිට හැගීයයි- සමාගම වෙනුවෙන් ස්වකැමැත්තෙන්ම පරීක්ෂණාගාර මීයෙකු බවට ඈ පත්වන්නේ එම විශ්වාසය උඩය- නමුත් ගැටළුවනම් ගගමැද සවිකර තිබූ කැමරාවේ සැබෑ අරමුණ මායි ගගේ ගිලෙන විට බේරාගැනීමද?
මෙම දත්ත ජාලය Circle සමාගමට විශාල ලාභයක් උපදවන අතර එය ඉන් ඔබ්බට යමින් අතිවිශාල සමාජ බලයක් බවටද පත්වන ආකාරය දක්වයි.මර්සෙල්ගේ මරණය චිත්රපටය තුළ තීරණාත්මකය, ටයි කියන ආකාරයට ඔහු වෙනුවෙන් පිළිම සෑදිය යුතුවෙයි. එම මරණයෙන් ඇතිවන කම්පනය මායි හට තමන් වසගව සිටි මායාවෙන් අවදිවන්නට ඉඩක් ලබාදෙයි. ඇයට තම ජීවිතයේ සියල්ල Circle සමාජ ජාලයට විවෘත කරන්නට පෙළඹුවද එහි හිමිකරුවන් සිය තොරතුරු සියල්ල සගවාගෙන සිටී- අවසානයේ ඔවුන්ව නිරාවරණය වීමත් සමග චිත්රපටය අවසන් වෙයි- මර්දනය හා මෙම ක්රමයේ ආරක්ෂාව සදහා එය යොදාගැනීම ආකාරය ගැන මෙහිදී සාකච්ඡාවට නොගැනෙන නමුත් එවන් දත්ත ජාලයක භයානකකම හා එමගින් කළ හැකි බලපෑම මෙමගින් නිරෑපිතය.
James Ponsoldt ගේ අධ්යක්ෂණයක් වන මෙහි Emma Watson වැනි හොලිවුඩ් ජනප්රිය දහරාවේ නළුනිළියන් රංගනයෙන් එක්වෙයි. විචාරක ඇගයීමට අඩුවෙන් ලක්වුවද ආදායම් අතින් සාර්ථකවු චිත්රපටයක. අපගේ ජීවිතයම, වෙනත් ලෙසකට පැවසුවහෙතේ අපගේ විනොදය පවා යම් ආකෘතියක් තුළට ගෙන ආ විට මෙම ක්රමයට එය සුමටව පවත්වාගෙන යාමට පහසුවෙයි- එයින් ඔබ්බට පාතබන්නන් හදුනා ගැනීමද එවන් භාවිතයන් වෛරසයක් සේ ව්යාප්තවීම වැළැක්වීමද මෙම ක්රමය පවත්වාගෙන යාමට අත්යාවශයය- ඒ සදහා දිනෙන් දින දියුණුවන තාක්ෂණය භාවතාවන ආකාරයත් ඒ හා සමග වසගය ක්රියාත්මක වන අයුරුත් The Circle අපිට පෙන්වා දෙයි.
සටහන – වම පුවත්පත ජනවාරි කලාපය රළ අතිරේකය

leave a reply