කොළඹ බලය අල්ලන්න විපක්ෂය අලුත් සන්ධානයක

මෙතෙක් බලය පිහිටුවා නොමැති පළාත් පාලන ආයතනවල බලය ස්ථාපිත කර ගැනීම සඳහා විපක්ෂ පක්ෂ කිහිපයක් අතර පොදු එකඟතාවය ඇතිව තිබේ.

එහිදී කොළඹ මහ නගර සභාවේ බලය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිකර ගෙන තිබේ. මෙම එකඟතාවය මූලික ලෙස එජාපය සහ සමගි ජන බලවේගය අතර ඇතිව තිබේ.

මේ අතර කොළඹ මහ නගර සහාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගයට එරෙහි පාර්ශවයන්ගේ එකුතවෙන් සැදුම්ලත් පාලනයක් අවශ්‍ය සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද පවසා ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව සඳහන් කර ඇත.

මෙහි සෑම පාර්ශවයකම අදහස වී ඇත්තේ ආණ්ඩුවට කොළඹ මහ නගර සභා බල සීමාව තුළ පදිංචි වී සිටින ජනතාවගෙන් අති බහුතරයක් කැමැත්ත ප්‍රකාශ කර නැති බවයි.

මේ අතර සමගි ජන බලවේගය පවසන්නේ නගරාධිපති ධූරය සමගි ජන බලවේගයටත් නියෝජ්‍ය නගරාධිපති ධූරයත් පිරිනැමීමට සූදානම් බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන...

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...

රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ...