Breaking News

අධිකරණයට අපහාස කිරීම ගැන නිශ්චිත නීතියක් හෝ දඬුවමක් නෑ, ඒ නිසා කැමති දඬුවමක් ලබාදිය හැකි වෙලා – එම්. ඒ. සුමන්තිරන්

රන්ජන් රාමනායකට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වසර 4ක් ලබාදී තිබුණත් නීතියෙන් එවැනි නිශ්චිත දඬුවමක් නියම කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසයි. ඔහු පවසන්නේ අධිකරණයට අපහාස කිරීම ගැන නිශ්චිත නීතියක් හෝ ඊට අදාළ නිශ්චිත දඬුවමක් නොමැති නිසා කැමති කැමති ආකාරයේ දඬුවම් ලබාදීමේ වල්බූරු නිදහසක් නිර්මාණය වී ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පසුගියදා (19) පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ කරන ලද කතාවේ කොටසක් පහත දැක්වේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගකීම සම්බන්ධ කරුණු එකක් හෝ දෙකක් සටහන් කිරීමට මට අවශ්‍යය. නමුත් මම එය කිරීමට පෙර මේ කාරණය පිළිබඳ මගේ ලැදියාව හෙළි කිරීමට නීතියෙන් හා සම්ප්‍රදායට බැඳී සිටිමි.

ගරු. රංජන් රාමනායක වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙහි පෙනී සිටි නීතිඥයා මම වෙමි. පිරිසිදු, අවංක දේශපාලනඥයෙකු වන ඔහු පෙනී සිටීමේ වරප්‍රසාදය මට හිමි වූ අතර ඒ ගැන මම ආඩම්බර වෙමි.

බරපතල වැඩ ඇතිව වසර 4 ක දැඩි සිර දඩුවමක් පෙර නොවූ විරූ හා අතිවිශේෂයෙන් ලෙස තදබල එකකි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගකීමක් ඇත.

ඒ අප අධිකරණයට අපහාස කිරීම සඳහා නීතියක් පනවා නොමැති හෙයිනි. විපක්ෂ නායකවරයා දැන් සඳහන් කළ පරිදි වසර 2 ක් හෝ ඊට වැඩි දඬුවමක් නියම කර ඇති වරදක් ලෙස සදහන් වුවත් නිශ්චිතව දඩුවමක් නීතියෙන් නියම කර නැත.

(ජීවිතාන්තය දක්වා දඩුවමක් වුවත් මේ යටතේ දිය හැකිය – ශ්‍රී ලංකා බ්‍රිෆ්)

කෙටුම්පත් සකස් කර ඇති අවස්ථා රාශියක් ඇතත්, අපි ඒවා කර අවසන් නැත. එය එක් කරුණකි.

එළෙස නීතියක් සම්මත කිරීමට අපොහොසත් වීමෙන්, එය වල් බූරු නිදහසට සමාන වී තිබේ. එනම් ඕනෑම දඩුවමක් ලබා දිය හැකි බවයි. එය හොඳ දෙයක් නොවේ.

නඩුවේ හොද නරක ගැන කතා කිරීමට මට අවශ්‍ය නැත, නමුත් මේ අවස්ථාවේ දී පාර්ලිමේන්තුව නීතියක් පැනවීමට පියවර ගත යුතුව තිබේ.

දැන් ඉංග්‍රිසි (එංගලන්ත) නීතියෙන්ම අධිකරණය අපකීර්තියට පත් කිරීම තවදුරටත් අධිකරණයට අපහාස කිරීමේ වරදක් ලෙස නෙැසැළකේ.

අවාසනාවකට මෙන් අධිකරණය එය නොසලකා හැර නොමඟ ගොස් තිබේ. එය මගේ ස්ථාවරයයි.

මට අවශ්‍ය වන්නේ අධිකරණ අපහාස නීතියෙහි සම්බන්ධයෙන් බැරෑරුම් හිඩසක් ඇති බව ඔබේ අවධානයට යොමු කිරීමට ය. අවංක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මෙම පෙර නොවූ විරූ අසාධාරණයට හේතු වී ඇත්තේ එම හිඩැසය.

(රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් ගරු එම්. ඒ. සුමන්තිරන් පසුගියදා (2011.01.19) පාර්ලිමේන්තුවේදී කළ කතාවෙහි සිංහල අනුවාදය ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙතිනි)

leave a reply