දින 3ට පසු ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ ඩෝසරය සහ රියදුරු අත්අඩංගුවට

ආනවිළුන්දාව අභයභූමිය අයත් ඉඩමක් අනවසරයෙන් එළිපෙහෙළි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රයේ රියදුරු ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වනජීවී දෙපාර්තමේන්තුවේ පුත්තලම සහකාර අධ්‍යක්ෂකවරයා විසින් ආරච්චිකට්ටුව පොලීසියට කර ඇති පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මුන්දලම, කීරියන්කල්ලිය ප්‍රදේශයේ අදාළ සැකකරුගේ නිවසේ දී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එහිදී අදාළ බැකෝ යන්ත්‍රය ද පොලීසිය විසින් සිය බාරයට ගෙන තිබේ.

පසුගිය අඟහරුවාදා රාත්‍රියේ දී ආනවිළුන්දාව අභයභූමියේ කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමට නියමිතය තිබූ භූමි කොටසක් කිසියම් පිරිසක් ඩෝසර් කර මුළුමනින්ම විනාශ කර තිබුණි.

එම භූමිය විනාශ කර ඇත්තේ ඉස්සන් වගාව සඳහා අවශ්‍ය බිම් සැකසීමේ අරමුණින් බව අනාවරණය විය.

ආනවිළුන්දාව අභයභූමියට අයත් ඉඩමක් අනවසරයෙන් එළිපෙහෙළි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, වනජීවි නිලධාරීන් විසින් හලාවත මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබේ.

එසේම, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුකිරීමට වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක විසින් උපදෙස් ලබා දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම් එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර පවසා තිබේ.

මෙම විනාශය සිදුවූවේ පසුගිය 25වනදා වන අතර කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුවන්නේ ඊයේ දිනයේදීයි. මේවනවිටත් විනාශය සිදුවී අවසානය. එම සිදුවූ විනාශය නැවත පියවීමට විශාල කාලයක් ගතවෙනු ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...