යුද්ධයෙන් පසු උතුරේ ලියැවුණු පළමු නවකතාවේ ලේඛකයාගෙන් CTID ප්‍රශ්න කරයි

යුද්ධයෙන් දෙමාපියන් අහිමි වූවද සියළු බාධක ජය ගනිමින් විශ්වවිද්‍යාල සිසු නායකයකුද වු දරුවකු යුද්ධයෙන්ම මිය යෑම තේමා කරගනිමින්
නවකතාවක් ලියු දෙමළ කලා සාහිත්‍ය සංසදයේ සභාපතිවරයාගෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) ප්‍රශ්න කර තිබේ.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) යේ කිලිනොච්චි, පරන්තන් ඒකකයට ජුනි 16 වැනිදා කැදවා මාධ්‍යවේදී හා ලේඛක ප්‍රදීපන් දීපචෙල්වන්ගෙන් පැය දෙකකට අධික කාලයක් ප්‍රශ්න කර ඇත්තේ ‘ත්‍රස්තවාදියා’ (பயங்கரவாதி) නවකතාව ලිවීම තුළ කොටි සංවිධානය නැවත නිර්මාණය කිරීමේ අදහසක් පවතීද යන්නයි.

ජී ජී සරත් ආනන්ද විසින් ස්මාරක ශිලාවත යනුවෙන් සිංහලට නගන ලද යුද්ධාවසානයෙන් පසුව උතුරේ ලියැවුණු පළමු නවකතාව සේ සැලකෙන නඩුගල් (நடுகல்) කෘතියේ කතුවරයා ලෙසින් දීපචෙල්වන් මහත් පාඨක, විචාරක අවධානය දිනාගත්තෙකි.

‘ත්‍රස්තවාදියා’ නවකතාව එල්.ටී.ටී.ඊ ය නැවත පණ ගැන්වීමේ අරමුණින් ලියැවුණු එකක් දැයි ප්‍රදීපන් දීපචෙල්වන්ගෙන් ප්‍රශ්න කළ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය වැඩි දුරටත් විමසා ඇත්තේ, නවකතාවේ ‘මාරන්’ නැමැති චරිතය කවුද යන්න සහ ඔහු මේ වන විට කොහේ සිටින කෙනෙක්ද යන්නයි. නවකතාවේ ඇතුලත් හමුදා චරිත සම්බන්ධයෙන්ද ත්‍රස්ත මර්දන පොලීසිය ඔහුගෙන් විමසා තිබේ.

කතුවර ප්‍රදීපන් දීපචෙල්වන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයට ප්‍රකාශ කර ඇත්තේ සිය නව කතාවේ එන සියළු චරිත මනඃකල්පිත බවයි.

දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය අලිමංකඩ ප්‍රදේශයේ මාසයක් තිස්සේ සිදු කළ ප්‍රහාරයක් පාදක කරගනිමින් ජ්‍යෙෂ්ඨ දෙමළ ලේඛක නා.යෝගේන්ද්‍රන් විසින් රචිත ‘34 නාට්කලිල් නීන්දික්කඩන්ද නෙරුප්පාරු (34 දිනක් තුල අග්නි ගංගා තරණය)’ නව කතාව එළිදැක්වීමේ උත්සවය සංවිධානය කිරීම ගැනත් දෙමළ කලා සාහිත්‍ය සංසදයේ වන මාධ්‍යවේදී හා ලේඛක ප්‍රදීපන් දීපචෙල්වන්ගෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) යේ කිලිනොච්චි, පරන්තන් ඒකකයට කැදවා අප්‍රේල් 11 වැනිදා පැය දෙකහමාරකට අධික කාලයක් ද ප්‍රශ්න කර තිබුනි.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...