යුද්ධයෙන් පසු උතුරේ ලියැවුණු පළමු නවකතාවේ ලේඛකයාගෙන් CTID ප්‍රශ්න කරයි

යුද්ධයෙන් දෙමාපියන් අහිමි වූවද සියළු බාධක ජය ගනිමින් විශ්වවිද්‍යාල සිසු නායකයකුද වු දරුවකු යුද්ධයෙන්ම මිය යෑම තේමා කරගනිමින්
නවකතාවක් ලියු දෙමළ කලා සාහිත්‍ය සංසදයේ සභාපතිවරයාගෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) ප්‍රශ්න කර තිබේ.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) යේ කිලිනොච්චි, පරන්තන් ඒකකයට ජුනි 16 වැනිදා කැදවා මාධ්‍යවේදී හා ලේඛක ප්‍රදීපන් දීපචෙල්වන්ගෙන් පැය දෙකකට අධික කාලයක් ප්‍රශ්න කර ඇත්තේ ‘ත්‍රස්තවාදියා’ (பயங்கரவாதி) නවකතාව ලිවීම තුළ කොටි සංවිධානය නැවත නිර්මාණය කිරීමේ අදහසක් පවතීද යන්නයි.

ජී ජී සරත් ආනන්ද විසින් ස්මාරක ශිලාවත යනුවෙන් සිංහලට නගන ලද යුද්ධාවසානයෙන් පසුව උතුරේ ලියැවුණු පළමු නවකතාව සේ සැලකෙන නඩුගල් (நடுகல்) කෘතියේ කතුවරයා ලෙසින් දීපචෙල්වන් මහත් පාඨක, විචාරක අවධානය දිනාගත්තෙකි.

‘ත්‍රස්තවාදියා’ නවකතාව එල්.ටී.ටී.ඊ ය නැවත පණ ගැන්වීමේ අරමුණින් ලියැවුණු එකක් දැයි ප්‍රදීපන් දීපචෙල්වන්ගෙන් ප්‍රශ්න කළ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය වැඩි දුරටත් විමසා ඇත්තේ, නවකතාවේ ‘මාරන්’ නැමැති චරිතය කවුද යන්න සහ ඔහු මේ වන විට කොහේ සිටින කෙනෙක්ද යන්නයි. නවකතාවේ ඇතුලත් හමුදා චරිත සම්බන්ධයෙන්ද ත්‍රස්ත මර්දන පොලීසිය ඔහුගෙන් විමසා තිබේ.

කතුවර ප්‍රදීපන් දීපචෙල්වන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයට ප්‍රකාශ කර ඇත්තේ සිය නව කතාවේ එන සියළු චරිත මනඃකල්පිත බවයි.

දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය අලිමංකඩ ප්‍රදේශයේ මාසයක් තිස්සේ සිදු කළ ප්‍රහාරයක් පාදක කරගනිමින් ජ්‍යෙෂ්ඨ දෙමළ ලේඛක නා.යෝගේන්ද්‍රන් විසින් රචිත ‘34 නාට්කලිල් නීන්දික්කඩන්ද නෙරුප්පාරු (34 දිනක් තුල අග්නි ගංගා තරණය)’ නව කතාව එළිදැක්වීමේ උත්සවය සංවිධානය කිරීම ගැනත් දෙමළ කලා සාහිත්‍ය සංසදයේ වන මාධ්‍යවේදී හා ලේඛක ප්‍රදීපන් දීපචෙල්වන්ගෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) යේ කිලිනොච්චි, පරන්තන් ඒකකයට කැදවා අප්‍රේල් 11 වැනිදා පැය දෙකහමාරකට අධික කාලයක් ද ප්‍රශ්න කර තිබුනි.

Share post:

Popular

වෙනත් පුවත්

NPP කාරයන්ගේ කෝකටත් තෛලය පිළිතුරු සහ  අධ්‍යහනයෙන් තොර ප්‍රශ්න අහන මාධ්‍යවේදීන්ගේ වැනෙන ප්‍රශ්න 

NPP කාරයන්ගේ කෝකටත් තෛලය පිළිතුරු සහ  අධ්‍යහනයෙන් තොර ප්‍රශ්න...

ගැහැනු ලෙයට බදු නොගසනු!

කුසගින්න, පිපාසය හුස්ම ගැනීම යනු මිනිසාට පාලනය කළ නොහැකි...

ඉතාලිය උණුසුම් කළ ඔක්තෝම්බර් 30 වැඩ වර්ජනය

ඉතාලිය පුරා දහස් ගණනක් සිසුන් සහ කම්කරුවන් ඔක්තෝම්බර් 30...

PSTA සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ලබාදුන් නිර්දේශ

ශ්‍රී ලංකාවේ යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’...