රඹකැන් ඔය ඉඩම් අක්කර 2750ක් සමාගම්වලට ලබාදීමට එරෙහිව ආදීවාසී නායකයා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොණුකරයි

ආදිවාසීන්ගේ නිජ බිමක් වන අම්පාර රඹකැන්ඔය අක්කර දෙදහසක් බඩ ඉරිඟු වගාව සඳහා පෞද්ගලික සමාගමකට ලබාදීමට එරෙහිව ආදීවාසී නායක ඌරුවරිගෙ වන්නිලෑඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණයට අද රීට් ආඥා පෙත්සමක් ගොනු කර තිබේ.

වනජීවී අමාත්‍යවරයා, පරිසර අමාත්‍යංශ ලේකම්වරයා, මහවැලි සංවර්ධන අධිකාරිය, වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු පිරිසක් පෙත්සමේ වගඋත්තකරුවන් ලෙස නම්කර තිබේ.

තම ජනතාව වසර සිය දහස් ගණනක් තිස්සේ පරිහරණය කරමින් ජීවනෝපාය මාර්ග සකසා ගත් වනාන්තරවලින් අක්කර පන් දහසකට අධික ප්‍රමාණයක් මහවැලි සංවර්ධන අධිකාරිය විසින් පවරා ගෙන මහ පරිමාණයෙන් බඩඉරිඟු වගා කිරීමට ලබාදීම මගින් සිය ජීවනෝපායමාර්ග අහිමි වන බවත්, ඌරුවරිගේ වන්නිලඇත්තෝ ඇතුළු පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයට පෙන්වා දී තිබේ.

පෙත්සම්කරුවන් අධිකරණයට පෙන්වා දී ඇත්තේ, එම බිම් කොටස් ලබාගත් සමාගම් රඹකැන් ඔයට ජලය සපයන ඇළ මාර්ග නීතිවිරෝධී අන්දමින් ගොඩකර වසා දමා ඇති බවත්, එමගින් විශාල පාරිසරික හානියක් සිදුව ඇති බවයි.

එබැවින් වහාම එම ක්‍රියාවන් වළක්වන රීට් ආඥාවක් වගඋත්තකරුවන්ට නිකුත් කරන ලෙසට පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...