මුලතිව් සමූහ මිනී වලෙන් මතුකරගත් අස්ථි කූඩු ගණන 24 ක් දක්වා ඉහළට

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළතුළින් (නොවැම්බර් 22 වැනිදා) තවත් මිනිස් සිරුරු පහක අස්ථි කූඩු මතුකර ගැනීමත් සමග එම ස්ථානයෙන් සොයා ගත් අස්ථි කූඩු ගණන 24 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සමූහ මිනිවළ ආශ්‍රිත තෙවැනි අදියරේ තෙවැනි දින කැනීම් ඊයේ (නොවැම්බර් 22 වැනිදා) සිදු කෙරිණි.

සමූහ මිනිවළ සම්බන්ධයෙන් කළ කැනීම් තුළින් පූර්ණ මිනිස් සිරුරු පහක අස්ථි කොටස් අලුතින් මතුකරගත් බව මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි කනකසභාපති වාසුදේව පැවසීය.

සමූහ මිනිවළ ආශ්‍රිත දෙවැනි අදියර කැනීම් තුළින් පූර්ණ මිනිස් සිරුරු 17 කට අදාළ අස්ථි කොටස් ගොඩ ගැනීම සිදුකළ අතර, තෙවැනි අදියරේ තෙවැනි දිනයේ කැනීම් තුළින් ඊයේ (නොවැම්බර් 22 වැනිදා) තවත් මිනිස් සිරුරු පහකට අදාළ අස්ථි කූඩු මතුකරගත් බවද වාසුදේව මහතා පැවසීය.

තෙවැනි අදියරේ කැනීම් තුළින් මේ දක්වා මිනිස් සිරුරු හතක් මතුකර ගැනීමට හැකිවි ඇති බව කැනීම් නිළධාරීහූ පවසති.

සමූහ මිනිවළ තුළින් මේ දක්වා පතුරම් උණ්ඩ වැනි කොටස් හයක් හා LTTE සංවිධානයේ සාමාජිකයින් හඳුනා ගැනීමට පළදින ලද යැයි කියන අංක තහඩු හයක්, අපවිත්‍ර ජලය පවිත්‍ර කරන උපකරණයක්, සයිනයිඩ් කරලක්, කාන්තා තනපට, ආරක්ෂක අංශ භාවිතා කරන කැළෑ ඇදුමට සමාන ඇඳුම් වැනි උපකරණ රැසක්ද හමුවු බවද කැනීම් නිළධාරීන් පැවසීය.

සමූහ මිනිවළ විශේෂ ස්කෑන් පරීක්ෂාවකට
සමූහ මිනිවළ කොපමණ සීමාවක් පුරා පවතින්නේද යන්න දළ අනුමානයක් ලබා ගැනීමට (නොවැම්බර් 22 වැනිදා) සමූහ මිනිවළ පවතින ස්ථානය අවට සීමාවේ විශේෂ ස්කෑන් පරීක්ෂණයක් පැවැත්වීමට අධිකරණයෙන් අවසරය ලැබී ඇති බවද මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා සඳහන් කළේය.

කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍ය අධ්‍යයන අංශයේ නිළධාරීන්ගේ මඟපෙන්වීම යටතේ අදාළ ස්කෑන් පරීක්ෂාව සිදුකිරීමට නියමිතය.

මේ දක්වා සමූහ මිනිවළ තුළින් ගොඩගත් අස්ථි කොටස් මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නියෝග යටතේ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහලේ ස්ථාපිත විශේෂිත කුටියක තැන්පත් කොට ඇත.

කැනීම් තුළින් එක මත එක පිහිටි අස්ථි කූඩු මතුකරගත් බවත්, හමුවු අස්ථි කූඩු අවිධිමත් ලෙසට වළට දමා ඇති බව නිරීක්ෂණය වන අතර, පොදු සුසානයක සිරුරු තැන්පත් කරන ආකාරයට ක්‍රමානුකූල බවකින් තොරව සිරුරු වළට දමා ඇති බවත් මුලිකව දැක ගැනීමට හැකි වන බවද කැනීම් නිලධාරීහූ පැවසූහ.

BBC ඇසුරිණි

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...