Breaking News

විදේශයන්ගේ සිරවී සිටි ලාංකිකයන් ගෙන්වීම ප්‍රමාද කිරීමට සැරසෙයි

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් නව කොරෝනා රෝගීන් හඳුනා ගැනීමත් සමඟ විදේශයන්ගේ සිට ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය මන්දගාමී කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

විදේශ සබඳතා පිළිබඳ ජනාධිපතිගේ අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොලම්බගේ මාධ්‍යට පවසා ඇත්තේ ප්‍රකාශ කළේ රට තුළ නව රෝගීන් සොයා ගැනීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවිය යුතු සංඛ්‍යාව වැඩිවිය හැකි බවයි.

විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් 49,000 කට වැඩි පිරිසක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කර ඇති අතර ඔවුන්ගෙන් 15,500 ක් පමණ දැනටමත් මෙහි පැමිණ ඇතැයි බලධාරීන් පවසයි. නමුත් මැදපෙරදිග කලාපයේ පමණක් මීට වඩා විශාල පිරිසක් නැවත ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව මීට පෙර රජයේ වාර්තා පෙන්වා දී තිබුණි.

leave a reply