විදේශයන්ගේ සිරවී සිටි ලාංකිකයන් ගෙන්වීම ප්‍රමාද කිරීමට සැරසෙයි

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් නව කොරෝනා රෝගීන් හඳුනා ගැනීමත් සමඟ විදේශයන්ගේ සිට ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය මන්දගාමී කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

විදේශ සබඳතා පිළිබඳ ජනාධිපතිගේ අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොලම්බගේ මාධ්‍යට පවසා ඇත්තේ ප්‍රකාශ කළේ රට තුළ නව රෝගීන් සොයා ගැනීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවිය යුතු සංඛ්‍යාව වැඩිවිය හැකි බවයි.

විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් 49,000 කට වැඩි පිරිසක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කර ඇති අතර ඔවුන්ගෙන් 15,500 ක් පමණ දැනටමත් මෙහි පැමිණ ඇතැයි බලධාරීන් පවසයි. නමුත් මැදපෙරදිග කලාපයේ පමණක් මීට වඩා විශාල පිරිසක් නැවත ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව මීට පෙර රජයේ වාර්තා පෙන්වා දී තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...