Breaking News

අලුත් ආණ්ඩුවටත් ‘ප්‍රජාතන්ත්‍රවාදය’ වචනයක් විතරද?

සැප්තැම්බර් මාසය වනවිට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වෙනුවට නව ත්‍රස්ත පනතක් ගෙන එන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසා තිබේ.

එම පනත යටතේ ත්‍රස්තවාදය අර්ථකතනය කරනුයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්දේශ මත බව පවසා ඇත.

නිදහස් පලස්තීනය උදෙසා ශ්‍රී ලංකා ව්‍යාපාරය සමඟ දෙසැම්බර් 13 වැනිදා පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

මෙම සාකච්ඡාවේදී ඊශ්‍රායල් සංචාරකයන්ට නොමිලයේ වීසා ලබා දීම, ඊශ්‍රායල් ජාතිකයන්ගේ නීතිවිරෝධී ඉදිකිරීම් ආදිය පිළිබඳ සාකච්ඡා කර තිබේ. ඊශ්‍රායල් ජාතිකයන් නීතියට ඉහළින් සිටින බව සාකච්ඡාවට සහභාගී වූවන් කියා තිබේ.

PTA අහෝසි කිරීමට රජය කැපවීම් කර තිබියදීත්, නව රජය මිනිසුන් අත්අඩංගුවට ගැනීමට සහ රඳවා තබා ගැනීමට මෙම නීතිය දිගටම භාවිතා කර ඇති බව මෑතකදී නිකුත්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකඩ දැක්වේ.

එම වාර්තාව මගින් උතුරු සහ නැගෙනහිර හමුදා සතුව ඇති ඉඩම් නිදහස් කරන ලෙස, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන ලෙස සහ දිගු කාලීන PTA සිරකරුවන්, ඔවුන්ගෙන් සමහරක් දැන් දශක ගණනාවක් සිරගතව සිටින බැවින්, ඔවුන් නිදහස් කරන ලෙසද ඉල්ලා තිබේ.

අධිකරණ ඇමතිවරයා මෙහිදී නොපවසන කාරණය වන්නේ රටේ අපරාධ නීතිය යටතේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කටයුතු කළ හැකි බවත් විශේෂ නීතියක් අවශ්‍ය නොවන බවත්ය. PTA අහෝසි කරන ලෙස ඉල්ලා සිටින ප්‍රගතිශීලී කණ්ඩායම් බොහොමයකගේ අදහස වී ඇත්තේ නව පනතක් අවශ්‍ය නොවන බවයි. නමුත් නව ආණ්ඩුව ද මීට පෙර සිටි ආණ්ඩු ගසන ලද බයිලාවම ගසමින් සිටියි.

පසුගියදා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී ආර්ථිකය සම්බන්ධයෙන් කරන ලද විශේෂ ප්‍රකාශයේ ද පැවසුවේ එවැනි දෙයකි.

දිගින් දිගටම නව ආණ්ඩුව පෙන්වමින් සිටින්නේ ප්‍රජාත්නත්‍රවාදය වැනි කරුණුවලින් පවා පෙර පැවති ආණ්ඩුවලින් ඔවුන් වෙනස් නොවන බවයි.

leave a reply