ආණ්ඩුව කම්හල් හිමියන්ගේ ගැටළු විසඳන අතර කලාපයේ ආසාදිතයින් ගණන 74දක්වා ඉහළට

දැනට පවතින කොවිඩ්- 19 රෝගී තත්ත්වය හේතුවෙන්, ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම හා කටුනායක වෙළෙද කළාප සහ දිවයින පුරා තිබෙන නිමි ඇඳුම් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමේදී උද්ගත වී ඇති ගැටළුවලට විසඳුම් ලබාදීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිබදව නිමි ඇඳුම් කර්මාන්ත ශාලා හිමියන් සහ පරිපාලනය දැනුවත් කිරීමට හා ඔවුන්ගේ ගැටළුවලට පිළියම් යෙදීමට විශේෂ සාකච්ඡාවක් අද (13) රාජගිරිය කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැත්වී තිබේ.

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සහ ඉන් පිටත පිහිටා ඇති කම්හල් තුළින් අද (13දා) වනවිට කොවිඩ් ආසාදිත සේවකයින් 74 දෙනෙකු වාර්තා වන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.

මෙම ආසාදිතයන් අතරින් 62ක් නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන්නන් වන අතර ඉතිරි 12 එම කළාපයෙන් පිටත පිහිටි කර්මාන්තශාලා වල සේවකයින් වෙන බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පවසා තිබේ.

මේ අතර කටුනායක සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ කොරෝනා ආසාදිතයන් 57 දෙනෙකු අද (13දා) හඳුනාගත් බව කොට්ඨාස පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර පවසා තිබේ. ඒ අනුව කටුනායක සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ මේ වනවිට සමස්ත කොවිඩ් ආසාදිතයන් 102 ක් වාර්තා වන බවද ඔහු පවසා ඇත.

ඔවුන් අතරින් වැඩි පිරිසක් කටුනායක නිදහස් වෙළෙඳ කළාපයෙන් වාර්තා වන බවද ඔහු පැවැසීය. මෙසේ අනාවරණය කර ගත් ආසාදිතයන් අයි.ඩී.එච්. , මුල්ලේරියාව, හෝමාගම, ඉරණවිල සහ ලග්ගල රෝහල් වෙත යොමු කරමින් පවතින බව ද සුරේෂ් කුමාර සඳහන් කර ඇත .

සාමාන්‍ය ජනතාව අතර වසංගතය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා පියවර ගැනීම පසෙක තබා ආයෝජන කලාපයේ නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාම ආයෝජන කලාපයේ කම්හල් හිමි ව්‍යාපාරික සමාගම්වල ප්‍රමුඛතාව වූ අතර ආණ්ඩුව සහයෝගය ලබාදෙමින් සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...