කිසිදු සායනික පරීක්ෂාවක් සිදුකර නැහැ – චන්න ජයසුමනගේ සුදර්ශන පැණියට වෛද්‍යවරුන්ගේ විරෝධය

Date:

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නැති ආයුර්වේද ඖෂධමය පැණියක් බටහිර වෛද්‍ය ක්‍රමය භාවිතා වන රජයේ රෝහල්වල භාවිතා කිරීම නීතීවිරෝධී කටයුත්තකැයි ළමා රෝග හා අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වන අජිත් අමරසිංහ පෙන්වා දෙයි.

වසර දහස් ගණනක් පැරණි දේශීය වෛද්‍ය ක්‍රමය ගැන ඇති සැකයක් නොව ප්‍රශ්න පවතින්නේ එය භාවිතයට ගැනීමට සූදානම් වන ක්‍රමවේදය පිළිබඳව යැයි වෛද්‍ය අජිත් අමරසිංහ පවසා තිබේ.

බටහිර ක්‍රමයේ පුහුණු වෛද්‍යවරයකු විසින් ආයුර්වේද ඖෂධයක් හෝ වෙනත් වෛද්‍ය ක්‍රමයක ඖෂධයක් රෝගියෙකුට තුණ්ඩුවව ලියා දීම බරපතල වෘත්තිය ආචාර ධර්ම කඩකිරීම් ගණයට වැටෙන වරදක් බවත් එයට දඬුවම වන්නේ ලියාපදිංචිය අහෝසි කිරීම වන බවත් පෙන්වා දුන් විශේෂඥ වෛද්‍ය අමරසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නැති බෙහෙතක් රජයේ රෝහලක නියම කිරීම ද එවැනි වරදක් වන්නේයැයි පෙන්වා දී ඇත.

මෙරට නිෂ්පාදිත ඖෂධයක් වුවද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියට පෙර සායනික පරික්ෂණවලට යොමු කර යම් යම් මට්ටම්වලින් පරික්ෂා කර ඇත් ද ඖෂධය ක්‍රියාකාරිද වැනි තත්ත්වයන් අධ්‍යයනය කළ යුතුව ඇතැයි පෙන්වා දුන් වෛද්‍ය අමරසිංහ අධිකාරියේ ලියාපදිංචිය ලබා ගැනීමට ඉදිරිපත් කළ හැක්කේ අනතුරුව යැයි ද පවසා තිබේ.

විශේෂඥ වෛද්‍යවරයකු වන අජිත් අමරසිංහ මේ සඳහන් කර ඇත්තේ කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාරයක් ලෙස ආණ්ඩුව විසින් සඳහන් කරන සුදර්ශන පැණිය’ පිළිබඳවයි . නවීකරණය කරන ලද “සුදර්ශන පැනිය“ නැමැති ආයුර්වේද ඖෂධය කෝවිඩ් 19 රෝගයට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස යොදා ගැනීමට රජය තීන්දුකර ඇති බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන පවසා තිබුණි.

එසේම මෙම ඖෂධය බටහිර වෛද්‍ය පුහුණුව ලැබූ වෛද්‍යවරුන් බටහිර වෛද්‍ය ක්‍රමය අනුගමනය කරන රජයේ රෝහල් වල භාවිතයට ගැනීමට යෝජනා වී ඇති බවද එහිදී පැවසුණි.

සුදර්ශන පැණිය ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට සුදුසු බව සඳහා බටහිර වෛද්‍ය විද්‍යානුකූලව සිදුකරන ලද පරීක්ෂණවලින් තහවුරු වූ බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන අවධාරණය කර සිටියි.

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...