Breaking News

ලංකාවේ සිසුන් 200ට අඩු පාසල් 5,161ක්

ලංකාවේ පාසල් අතරින් ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල් 5,161ක් තිබීම ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් ලංකාවේ පාසල් පද්ධතිය සම්බන්ධයෙන් කාර්යසාධන විගණනයක් පෙන්වා දී තිබේ. එම වාර්තාවට අනුව 2018 වසර වන විට වසාදමා තිබූ පාසල් ගණන 93කි.

සංගණන වාර්තා අනුව මෙරට පාසල්වල ගුරු-සිසු අනුපාතය 1 ට 17කි.

අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් සංගණන වාර්තාවලට අනුව ලංකාවේ රජයේ පාසල් 10,194කි. රජයේ නොවන පාසල් 859ක්, ජාත්‍යන්තර පාසල් 265ක්, පෞද්ගලික පාසල් 80ක්, විශේෂ පාසල් 26ක් සහ පිරිවෙන් 753ක් එම වාර්තාවල තිබේ. රජයේ පාසල් අතරින් පළාත් පාසල් 9,841කි. ජාතික පාසල් 353කි.

ශ්‍රී ලංකාවේ වර්තමාන සමාජ පිළිගැනීමක් බවට පත්ව ඇති ජනප්‍රිය හා ජනප්‍රිය නොවන පාසල් වශයෙන් වන වර්ගීකරණයට අනුව අඩු ජනප්‍රියත්වයෙන් යුතු පාසල් බොහොමයක් ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල් වී තිබේ. ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල් ප්‍රමාණය මුළු පාසල් සංඛ්‍යාවෙන් සියයට 50ට 50ක් වීම විශේෂත්වයක් වේ.

ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල් වැඩි ම ප්‍රමාණයක් ඇත්තේ කුරුණෑගල, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල බවද පැවසේ.

මෙම තත්ත්වයට බලපා ඇත්තේ ආණ්ඩුව ක්‍රම ක්‍රමයෙන් නිදහස් අධ්‍යාපනය සඳහා යොමුකරන අවදානය අඩු කිරීමයි. විශේෂයෙන් පාසල්වලට වෙන් කරන ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන නිසා පාසල්වලට රැකීමට සිදුව ඇත්තේ දෙමව්පියන්ගෙන් මුදල් අයකිරීම හරහායි. නැතිනම් ආදි ශිෂ්‍යන්ගේ ශක්තිය මතයි.
ඒ අනුව ජනප්‍රිය පාසල් බොහොමයක් මෙම ක්‍රමවේදයට පාසල් පවත්වාගෙන යමින් සිටියි .

එවැනි හැකියාවක් නැති පාසල්වල පැවැත්ම බරපතල ලෙස අර්බුදයට යමින් තිබේ .

leave a reply