තෙල් කාන්දු වුනොත් ලංකා වෙරළ තීරයට දැඩි හානි

Date:

ගිනි ගනිමින් පවතින “නිව් ඩයමන්ඩ්“ ඉන්ධන නෞකාව ගොඩබිමට ආසන්න වෙමින් පවතින බව වාර්තා වේ.

නාවික හමුදාව පවසන්නේ, ඉන්දීය නාවිකයින් ද ගින්න නිවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට සහාය දෙමින් පවතින බවය.

එමෙන්ම මෙම තත්ත්වය තනි රටකට පාලනය කිරීම අපහසු වන බැවින් දකුණු ආසියානු කලාපයේ සියලුම රටවල සහය ලබාගැනීම සඳහා කටයුතු කරන බව ද මහින්ද අමරවීර අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.

ඉන්ධන නෞකාව අයත් සමාගම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සම්බන්ධයෙන් ද මේ වන විට අවධානය යොමු කර ඇති බව පරිසර අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

රූපවාහිනී වැඩසටහනක් සමග එක්වෙමින් සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි, නීතිඥ දර්ශනී ලහඳපුර පවසා සිටියේ, “අපි උපකල්පනය කරන්න ඕනේ මේක කලාපය තුළ නෙමෙයි මේ ලෝකයේ සිදුවීමට යන විශාලම පාරිසරික විනාශය ලෙසයි. ඒ තරමට විනාශ බලගතු විය හැකියි.“ යනුවෙනි.

“කිරින්දේ සිට නැගෙනහිර පැත්තට ඇති ඉතා සංවේදී පරිසර පද්ධතියට වෙන්න පුළුවන් හානිය ඉතාමත් දැවැන්තයි. කාන්දුවීමක් සිදුවුවහොත් එය සිදුවුනාට පසුව සුදානම් වීමට අපිට කාලය මදි.“ යනුවෙන් ද ඇය වැඩිදුරටත් පවසා තිබේ.

සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර අදහස් දක්වමින් පවසා සිටියේ, “තෙල් කාන්දුවු විගස ඝණ බවට පත්වෙනවා. ග්‍රීස් බවට පත්වෙලා වතුරේ පාවෙනවා. මේ ග්‍රීස් ප්‍රමාණය වෙරළ කලාප වෙන ආරුගම්බේ නිලාවේලී, වාකරේ සහ ත්‍රිකුණාමලය දක්වා ආවොත් ඒ තෙල් අයින් කරන්නම කාලයක් ගතවෙයි.“

නෞකාවේ බඳ කොටසේ ජල මට්ටමින් යට මීටර 20ක් දක්වා වු ප්‍රමාණයක් පුරා තෙල් ගබඩා කර ඇතැයි පැවසු ටර්නි ප්‍රදීප් කුමාර , පිපිරීම සිදුවු අවස්ථාවේ නෞකාවේ බොයිලේරුව තුළ පමණක් ගින්න ව්‍යාප්තව තිබී ඇතැයි ද පැවසීය.

පැනමා ධජය සහිත ‘නිව් ඩයමන්ඩ් ‘ ඉන්ධන නෞකාව කුවේට් හී මිනා අල් අහමදී වරායෙන් පිටත්වී නැගෙනහිර ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පැරඩිප් වරාය වෙත ගමන් කරමින් තිබිය දී ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමකට ලක්විය.

නෞකාවේ සිදුවු පිපිරීමෙන් එහි සිටි පිලිපීන ජාතික නාවිකයෙකු මිය ගොස් ඇති බව වාර්තා විය.
කෙසේ වෙතත් නෞකාවේ ගබඩා කර ඇති මෙට්‍රික්ටොන් 270,000ක් වු බොරතෙල් සංචිතයට මෙතෙක් ගින්නෙන් කිසිඳු බලපෑමක් සිදුවී නොමැති බව නාවික හමුදාව අද උදෑසන පැවසීය.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...