Breaking News

කොරෝනා සෙත්තපෝච්චි, මැතිවරණය තියෙනවා, රාජපක්ෂලා කියනවා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මාර්තු 02 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරවම ජුනි 02 වනදාට පෙර අනිවාර්යයෙන්ම මහමැතිවරණය පැවැත්වීමට රජය දැඩි තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ.

මැතිවරණය කල්දමනු ලැබුවේ මැතිවරණ කොමිසම විසින් වනහෙයින් අප්‍රේල් 30 වනදා සිට දින 14කට පසු, එනම් 15 වන දිනයේ හෝ මැතිවරණය පැවැත්විය හැකි බවත් ඊට දින නියම කිරීමේ වගකීම ඇත්තේ මැතිවරණ කොමිසමටම බවත් ජනාධිපති ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම් දෙනු ලැබුවේ ද එම තීරණයට සමගාමීව බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඒ අනුව මැතිවරණ ව්‍යාපාරයෙහි පළමු පියවර වශයෙන් අප්‍රේල් 19 වනදායින් පසු ශ්‍රී ලංකාව කොරෝනා රෝගයෙන් තොර රටක් බවට ව්‍යාජ ලෙස ප්‍රකාශයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පෙරමුණු රජය සූදානමින් සිටින බව විමල් වීරවංශ මහතාට අයත් වෙබ් අඩවියක් විසින් ඊයේ (09) අනාවරණය කර තිබිණි.

මාර්තු 31 වනදා සහ අප්‍රේල් 01 වනදා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබුණේ මහමැතිවරණය මැයි මස අවසන් සතියේදී පැවැත්වීමට නම් ඊට සූදානම් වීම සඳහා තමන්ට සති 5ක කාලයක් අත්‍යවශ්‍ය වන බැවින් අප්‍රේල් 20 වනදා වනවිටවත් කොරෝනා අවදානම සම්පූර්ණයෙන්ම රටෙන් තුරන් වී තිබිය යුතු බවය. අප්‍රේල් මස ආරම්භයේ තිබුණු තත්වය අනුව එවැන්නක් උපකල්පනය කළ නොහැකි හෙයින් මැතිවරණය මැයි මස අගදීත් පැවැත්වීමට නොහැකි වනු ඇති බව ඒ මහතා එයින් පෙන්වා දී තිබිණි.

කෙසේවෙතත් රජය මෙම නව තීරණයට අනුව අප්‍රේල් 19 වනදායින් ඇරඹෙන සතියේදී ශ්‍රී ලංකාව කොරෝනා අවදානමෙන් තොර රටක් වශයෙන්
ව්‍යාජ ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවහොත් මැතිවරණ කොමිසමට අනිවාර්යයෙන්ම මැයි මස අවසන් සතියේදී මැතිවරණය පැවැත්වීමට සිදුවනු ඇති.

ඒ සඳහා කොරෝනා පරීක්ෂණ කට්ටල 30 ගෙන්වීමටද කටයුතු සිදුකරමින් පවතින අතර 45000ක් දෙනා පරීක්ෂා කළ බව කියමින් 19 වැනිදා නිවේදනයක් නිකුත් කිරීමට රජය සූදානම් වේ.
උපුටා ගැනීම slstory.com

leave a reply