‘ජනාධිපති ට්‍රම්ප් තව මිනීවල් කීයක් හාරයිද ?

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය වසංගතයේදී දැක්වූ වගකීම්විරහිතභාවය සම්බන්ධ විරෝධතා දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපද සිවිල් සංවිධාන සහ ජනතාව එකතු වී දක්වන විරෝධතා උත්සන්නවී ඇත.

ඊයේ(21) පස්වරුව වනවිට එක්සත් ජනපදයෙන් කොරෝනා ආසාදිතයන් 15,57,727ක් හඳුනාගෙන තිබූ අතර ආසාදිතයන්ගේ මරණ 93,313ක් වාර්තා විය. මේ තත්වය ඒරට ජනතාවගේ විරෝධය දිනෙන් දින වර්ධනය කරවන්නට සමත්ව තිබේ.

ඊයේ (20) ධවල මන්දිරය ඉදිරිය ඉදිරිපිට මළමිනී දැමූ කළු පැහැති බෑග්වලට සමාන අනුරූ සකසමින් සහ වොෂින්ටනයේ ලෆායට් චතුරශ්‍රය ඉදිරියේ බිම අතුරමින් ඔවුහු විරෝධතාවයේ නිරත වූහ.

ඒහිදී ‘ජනාධිපති ට්‍රම්ප් තව මිනීවල් කීයක් හාරයිද ?’, ‘ට්‍රම්ප් අසාර්ථකයි අපේ නොලැබීම’ යනුවෙන් දැක්වෙන විරෝධතා පුවරු ප්‍රදර්ශනය කෙරිණි. අවමංගල්‍ය උත්සවයක් ස්වරූපයෙන් ධවල මන්දිරය ඉදිරිපිට රැස්වූ විරෝධතාකරුවෝ මළමිනී අනුරූ බිම විසුරුවමින් සුදු පැහැති රෝස මල් ද තැබූහ.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...