‘ජනාධිපති ට්‍රම්ප් තව මිනීවල් කීයක් හාරයිද ?

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය වසංගතයේදී දැක්වූ වගකීම්විරහිතභාවය සම්බන්ධ විරෝධතා දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපද සිවිල් සංවිධාන සහ ජනතාව එකතු වී දක්වන විරෝධතා උත්සන්නවී ඇත.

ඊයේ(21) පස්වරුව වනවිට එක්සත් ජනපදයෙන් කොරෝනා ආසාදිතයන් 15,57,727ක් හඳුනාගෙන තිබූ අතර ආසාදිතයන්ගේ මරණ 93,313ක් වාර්තා විය. මේ තත්වය ඒරට ජනතාවගේ විරෝධය දිනෙන් දින වර්ධනය කරවන්නට සමත්ව තිබේ.

ඊයේ (20) ධවල මන්දිරය ඉදිරිය ඉදිරිපිට මළමිනී දැමූ කළු පැහැති බෑග්වලට සමාන අනුරූ සකසමින් සහ වොෂින්ටනයේ ලෆායට් චතුරශ්‍රය ඉදිරියේ බිම අතුරමින් ඔවුහු විරෝධතාවයේ නිරත වූහ.

ඒහිදී ‘ජනාධිපති ට්‍රම්ප් තව මිනීවල් කීයක් හාරයිද ?’, ‘ට්‍රම්ප් අසාර්ථකයි අපේ නොලැබීම’ යනුවෙන් දැක්වෙන විරෝධතා පුවරු ප්‍රදර්ශනය කෙරිණි. අවමංගල්‍ය උත්සවයක් ස්වරූපයෙන් ධවල මන්දිරය ඉදිරිපිට රැස්වූ විරෝධතාකරුවෝ මළමිනී අනුරූ බිම විසුරුවමින් සුදු පැහැති රෝස මල් ද තැබූහ.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...