නිදහස් මාධ්‍යවේදී විශ්වලිංගම්ට පහරදීම සම්බන්ධ විමර්ශනයක් පැවැත්විය යුතුයි

2009දී යුද්ධයේ අවසන් ලේ වැගිරීම් සිදු වූ ස්ථානයේ සේයා රූ ගැනීමට ගිය මුලතිවුහි දෙමළ මාධ්‍යවේදී විස්වලිංගම් විස්වචන්ද්‍රන්ට නම්බර් මාසේ 27 වැනිදා ඊයේ දිනයේ උදෑසන, ශ්‍රී ලංකා යුද හමුදා භටයන් විසින් පහරදීම හේතුවෙන් රෝහල්ගත කර තිබුණා. මාධ්‍යවේදියාට පහර දී තිබුණේ  කටු කම්බියක් ඔතා තිබුණු තල්  පිත්තකිනි .

නිදහස් මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රම්ට යුද හමුදා සාමාජිකයින් පිරිසක් සිදු කළ බව කියන පහරදීමට එරෙහිව මුලතිව් නගරයේදී අද (නොවැම්බර් 28) විරෝධතාවයක් පැවැත්විණ.පහරදීම ගැන සාධාරණ පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා සිවිල් සංවිධාන නියෝජිතයන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් එම විරෝධතාවයට සහභාගී වූහ.

මුලතිව් පොලීසිය පවසන්නේ මෙම සිදුවීම ගැන විමර්ශනයක් සිදු කරන බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...