Breaking News

ආණ්ඩුව කොරෝනා වෛරසයෙන් රට විරුවන්ට මිය යන්න සලස්වයි.

මැදපෙරදිග සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම ප්‍රමාද කරමින් තිබෙන්නේ ඔවුන්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට ආණ්ඩුව විසින් කරන චෝදනාව සමගයි. විත්‍රා වන්නිආරච්චි මීට සතියකට කලින් පැවැති මාධ්‍ය සාකච්චාවකදී පැවසුවේ මැදපෙරදිග සිට එන්නේ කොයි රෝගය හදාගත්තු අයයි කියමින් . කොරෝනා වසංගතය ආරම්භවීමත් සමග මැදපෙරදිග රටවල ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන් තමන්ව සිය රට කරා ගෙන්වා ගැනීම සිද්ධ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියා. නමුත් මේ ආණ්ඩුව විවිධ හේතු දක්වමින් ඔවුන්ව රටට ගෙන්වා ගැනීම ප්‍රමාද කරනු ලැබුවා.දැන් ආරංචි වෙන හැටියට ශ්‍රී ලාංකීය තානාපති කාර්යාල පවා මේ මිනිසුන්ට අත්‍යවශ්‍ය සේවාවන් පවා ලබා දීමට මග හරිමින් ඉන්නවා.

මෙම වාතාවරණය යටතේ මැදපෙරදිග කලාපයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් ගේ තත්ත්වය බරපතළ වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ඔවුන් අයිතිකාරයෙක් නැති මිනිසුන් බවට පත්වෙලා ඉන්නේ . මේ දිනවල සමාජ මාධ්‍ය ජාලය හරහා ප්‍රචාරය වෙමින් තිබෙන හඬ පටයක් තිබෙනවා. ඔබට මතක ඇති මැදපෙරදිග සිට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක් හදිසියේම මිය යනවා. රජය විසින් ප්‍රකාශ කරන්නේ ඇයට කොරෝනා වැළඳී තිබුණු බවයි, නමුත් ඇයට ඇප උපස්ථාන කළ ඇය සමඟ නිරෝධාන මධ්‍යස්ථානයේ සිටි කාන්තාව පවසන්නේ ඇයට කොරෝනා වෛරසය වැලඳී තිබුණේ නැහැ හෘදයාබාධයක් නිසා මිය ගියා කියලායි . ඇය මිය යන්නේත් බලධාරීන්ගේ වගකීම් පැහැර හැරීම නිස බවයි .

දේශපාලකයන් තමන්ගේ දේශපාලන වාසිය වලට ආරක්ෂක නිල ඇඳුම් ඇඳ ගත් අය රණ විරුවන් වෙද්දී, විදෙස් රටවල බැලමෙහෙවර කම් කරන මිනිසුන් රටවිරුවන් බවට නාමකරණයට ලක් කළා. මේ ආණ්ඩුව රණවිරුවන්ව උඩ දාමින් රට විරුවන්ව අනාථ කරමින් සිටිනවා. ඔවුන් පිළිබඳ වගකීම පැහැර හරිමින් සිටිනවා. රටේ ආර්ථිකයේ බර උසුලපු මේ මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට විය යුතුයි. ඒ වෙනුවෙන් හඬ නැගිය යුතුයි.

නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය මේ ප්‍රශ්නය සමාජ හමුවට ගෙන යන්නට අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබුවා .

leave a reply