ResetSriLanka GopeopleGo

මෙවර අවුරුදේ පොර නැතත් පොල් ගසමු
පොල් මිල වැඩි නිසා
ගල් ගසමු
ගල් නොගැසිය යුතු තැන් මල්වලින් හැඩකරමු

ජනගී ප්‍රසස්තී ගායනා නවත්තමු
වස් කවියක් කියමු සෙත් වේවා පතමු
වස් නොවැදිය යුතු තැන් සෙත් කවියකින් රකිමු

ඇස් බැඳන් මුට්ටි අල්ලන අන්ධයන් හඳුනගමු
දෑස් බැඳි පාට රෙදි ගලවලා උදව්වෙමු
අලුත් වළංවල පරණ කෑම නොපිසන්න සපථ වෙමු

සැඟවුණු අමුත්තන්ගෙ සැඟවූ ධනය ගමු
වෙලාවට වැඩ අල්ලා ගණුදෙනු පියවගමු
රජ පවුල්වල මෙන්ම හැම පවුලෙ හැළිවළං ලිප තබමු

කිරි ඉතිරුවෙ නැතත් ලිපේ රස්නේ විඳිමු !!

 

Share post:

Popular

වෙනත් පුවත්

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...