ResetSriLanka GopeopleGo

මෙවර අවුරුදේ පොර නැතත් පොල් ගසමු
පොල් මිල වැඩි නිසා
ගල් ගසමු
ගල් නොගැසිය යුතු තැන් මල්වලින් හැඩකරමු

ජනගී ප්‍රසස්තී ගායනා නවත්තමු
වස් කවියක් කියමු සෙත් වේවා පතමු
වස් නොවැදිය යුතු තැන් සෙත් කවියකින් රකිමු

ඇස් බැඳන් මුට්ටි අල්ලන අන්ධයන් හඳුනගමු
දෑස් බැඳි පාට රෙදි ගලවලා උදව්වෙමු
අලුත් වළංවල පරණ කෑම නොපිසන්න සපථ වෙමු

සැඟවුණු අමුත්තන්ගෙ සැඟවූ ධනය ගමු
වෙලාවට වැඩ අල්ලා ගණුදෙනු පියවගමු
රජ පවුල්වල මෙන්ම හැම පවුලෙ හැළිවළං ලිප තබමු

කිරි ඉතිරුවෙ නැතත් ලිපේ රස්නේ විඳිමු !!

 

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...