පාඨලී ස්වාධීන වුණේ ජනාධිපති ‘සිහිනය’ සැබෑ කරගන්නද?

තමා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියා කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

මේ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැනුවත් කළ බව කී පාඨලී චම්පික රණවක කිසිවකු සමග තරහක් තමාට නැති බවත් ප්‍රතිපත්තියක් අනුව මෙම තීරණය ගත් බවද පැවසීය.

තමා ආණ්ඩුවේ ඇමති ධූරයක් ලබා නොගන්නා බවද ඔහු සඳහන් කර ඇත .ආණ්ඩුව හරයාත්මකව වෙනස් විය යුතු බව ද චම්පික රණවක විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබේ.

මේ අතර පාඨලීගේ මෙම ස්වාධිනවීම පිළිබද විවිධ අදහස් මතුවෙමින් තිබේ. ඇතැම් පිරිස් පවසන්නේ ඔහු හරීන් සහ මනුෂ ගිය මග යනු ඇති බවයි. පාඨලී චම්පික රණවක ජනපති සිහිනයක සිටින බව ප්‍රසිද්ධ රහසකි. ඒ අනුව බහුතරයකගේ මතය වී ඇත්තේ ඔහු තම කාලයක් තිස්සේ දකිමින් සිටි ජනපති සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි. ඔහු තමන්ගේ පාරක් හදාගැනීම වෙනුවෙන් පසුගිය කාලයේ කටයුතු කරනු දැකිය හැකිවිය. අනිත් අතින් මේ මොහොතේ දැනට පවතින ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සම්බන්ධයෙන් ජනතාව කළකිරි ස්ටියි. පාඨලී ඒ මොහොත තමන්ගේ වාසියට හරවා ගැනීම උත්සාහ කරනවා විය හැකිය.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...