පාඨලී ස්වාධීන වුණේ ජනාධිපති ‘සිහිනය’ සැබෑ කරගන්නද?

තමා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියා කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

මේ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැනුවත් කළ බව කී පාඨලී චම්පික රණවක කිසිවකු සමග තරහක් තමාට නැති බවත් ප්‍රතිපත්තියක් අනුව මෙම තීරණය ගත් බවද පැවසීය.

තමා ආණ්ඩුවේ ඇමති ධූරයක් ලබා නොගන්නා බවද ඔහු සඳහන් කර ඇත .ආණ්ඩුව හරයාත්මකව වෙනස් විය යුතු බව ද චම්පික රණවක විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබේ.

මේ අතර පාඨලීගේ මෙම ස්වාධිනවීම පිළිබද විවිධ අදහස් මතුවෙමින් තිබේ. ඇතැම් පිරිස් පවසන්නේ ඔහු හරීන් සහ මනුෂ ගිය මග යනු ඇති බවයි. පාඨලී චම්පික රණවක ජනපති සිහිනයක සිටින බව ප්‍රසිද්ධ රහසකි. ඒ අනුව බහුතරයකගේ මතය වී ඇත්තේ ඔහු තම කාලයක් තිස්සේ දකිමින් සිටි ජනපති සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි. ඔහු තමන්ගේ පාරක් හදාගැනීම වෙනුවෙන් පසුගිය කාලයේ කටයුතු කරනු දැකිය හැකිවිය. අනිත් අතින් මේ මොහොතේ දැනට පවතින ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සම්බන්ධයෙන් ජනතාව කළකිරි ස්ටියි. පාඨලී ඒ මොහොත තමන්ගේ වාසියට හරවා ගැනීම උත්සාහ කරනවා විය හැකිය.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...