ඊශ්‍රායලය විසින් පලස්තීනයේ සිදු කරන ජන සංහාරයට විරෝධය දක්‌වමින් පසුගිය ඔක්තෝම්බර් 22 වනදා ශිෂ්‍ය ව්‍යාපාරය, වෘත්තිය සමිති ව්‍යාපාරය ඇතුළු ප්‍රගතිශීලී සංවිධාන සමස්ත ඉතාලියේම විරෝධතා ව්‍යාපාරයක් දියත් කරනු ලැබුවා . පලස්තීනයට සහය දක්වමින් ලෝක මට්ටමින් සිදුවන විරෝධතාවයන් වලට සමගාමීව පවත්වනු ලැබූ මෙය විරෝධතාවය පලස්තීනයට සහය දක්වන විවිධ සටන් පාඨ පෙරටුව සිදු විය .
“සියල්ල අවහිර කරමු. පලස්තීනයට නිදහස” “පලස්තීනය නිදහස් කරනු” “ගාසා ජන සංහාරය නවත්වනු” 22 දා උදෑසන ශිෂ්‍ය සහ තරුණ කණ්ඩායම්වල මැදිහත්වීමෙන් උද්ඝෝෂණ පැවැති අතර සවස් භාගයේ වෘත්තීය සමිති ව්‍යාපාරය බහුජන සංවිධාන සහ ප්‍රගතිශීලී කණ්ඩායම්වල සහභාගිත්වයෙන් ඉතාලියේ ප්‍රධාන සියලු නගරවල උද්ඝෝෂණ පවත්වනු ලැබුවා.
පලස්තීන ජන සංහාරය නවත්වන්න ඉතාලි රජයට මැදිහත් වන්නට කියා බල කරන පැය 4 ක වැඩ වර්ජනයක් ඔක්තෝබර් 19 වන සිකුරාදා වෘත්තිය සමිතිය ඒකාබද්ධව කැඳවා තිබුණා .

යම් හෙයකින් ඊශ්‍රායලය විසින් පලස්තීනයට සහනාධාර රැගෙන යන බෝට්ටු සමූහය අත්අඩංගුවට ගතහොත් හෝ ප්‍රහාරයක් එල්ල කර විනාශ කළහොත් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වන විටත් ඉතාලි වෘත්තිය සමිති ව්‍යාපාරය සහ ප්‍රගතිශීලී සංවිධානය එකඟතාවයකට පැමිණ සිටිනවා . ඒ එකඟතාවය මත තමයි “සියල්ල අවහිර කරමු. පලස්තීනයට නිදහස” කියන සටන් පාඨය තෝරන්නේ .
ඊශ්‍රායලය මේ සියලු විරෝධතාවයන් දෙස විමසිල්ලෙන් බලා සිටින බවට තොරතුරු අනාවරණය කර තියනවා . ඔක්තෝම්බර් 22 වැනි දා ඉතාලියේ පැවැති විරෝධතාවය නිරීක්‍ෂණය කර ඔවුන් විසින් සකසන ලද වාර්තාවක් ප්‍රසිද්ධියට පත්වී තියෙනවා . එම වාර්තාවේ උද්ඝෝෂණ පැවති නගර, උද්ඝෝෂණ සංවිධානය කළ සංවිධාන සහ උද්ඝෝෂණවල ස්වභාවය පිළිබඳව ද ඔවුන් නිරීක්ෂණ ඉදිරිපත් කර ඇති බව පැහැදිලි වෙනවා .



