ප්‍රධාන දේශපාලනඥයින් facebook ප්‍රචාරණයටත් මිලියන 70ක් වියදම් කරලා

ෆේස්බුක් සමාජ ජාලය තුළ මෙවර මහමැතිවරණය සඳහා දේශපාලනඥයින්ගේ ප්‍රචාරණය වෙනුවෙන් රුපියල් මිලියන 70ට වැඩි මුදලක් වියදම් කර ඇති බව ෆේස්බුක් ඇඩ් ලයිබ්රරි වාර්තා පෙන්වා දෙයි.

සාම්ප්‍රදායිකව වැඩි වශයෙන් මුදල් වියදම් කරන දේශපාලනඥයින් පිරිසම සමාජ මාධ්‍ය තුළ ද ප්‍රචාරණ කටයුතු සිදුකරන බව මේ වන විට නිරීක්ෂණය වී ඇතැයි ද ඒ අනුව සමාජ මාධ්‍ය තුළද අලුත් මුහුණු දැකගැනීමට නොහැකිවී ඇතැයි ද සමාජ මාධ්‍ය නිරීක්ෂක සංජය හත්තොටුව ප්‍රකාශ කර ඇත.

මහමැතිවරණයට අදාළව පැය 48 ක නිහඬ කාලය තුළ සමාජ මාධ්‍ය හරහා විවිධාකාරයේ ප්‍රචාරණ කටයුතු සිදුකිරීමේ අවදානම ඉතා ඉහළ බව සංජන හත්තොටුව පැවසීය.

පසුගිය ජනාධිපතිවරණය සමයේදී ද නිහඬ කාලය තුළ දී සමාජ මාධ්‍ය හරහා මෙවැනි ප්‍රචාරණ කටයුතු විවිධාකාරයෙන් සිදුවූ බව ද කැළණිය විහාරස්ථානයේ නාගයකු පැමිණීමේ සිදුවීම උදාහරණයක් ලෙස දැක්විය හැකි බවද හෙතෙම පෙන්වාදුන්නේය.

“පාර්ලිමේන්තු මැතිවරණය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය” යන මැයෙන් පැවති අන්තර්ජාල කතිකාවතට එක්වෙමින් සංජන හත්තොටුව මේ බව කීවේය.

සියලු මැතිවරණ ප්‍රචාරණ කටයුතු මැතිවරණ දිනට පැය 48ක ට පෙර අවසන් කළද සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකෙරෙන ප්‍රචාරණ නැවැත්වීමක් සිදු නොකරන බවත් විවිධ සිදුවීම් ලෙස එවැනි දේ මතුකර පෙන්වීමට දේශපාලන අපේක්ෂකයෝ කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

එසේ වුවද මෙම කටයුතු නතර කිරීමට මැතිවරණ කොමිෂන් සභාවටද හැකියාවක් නොමැති බවද සංජන හත්තොටුව මෙහිදී පෙන්වාදුන්නේය.

සමාජ මාධ්‍ය තුළ සිදුවන අනිසි ක්‍රියා හේතුවෙන් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා දැඩි බලපෑමක් ඇතිවිය හැකි බැවින් මේ සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධානද අවධානය යොමුකිරීම වැදගත් බව හෙතෙම පෙන්වාදුන්නේය.

උපුටා ගැනීම – medialk.com

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...