අක්කර දහස් ගණනින් වනසන වුන් Crudia zeylanica ශාකය රැක ගනීවි ද?

වඳ වී ගොස් ඇතැයි සැලකුණු Crudia zeylanica ශාකයක් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට හොඳ සැලසුම් කර තිබෙන බිමකින් හමු වෙන්නේ පසුගිය දෙසැම්බර් 22 දා. හිමියන් ඒ අනුව මේ දුර්ලභ ශාකය ගලවා වෙන තැනක සිටුවීමේ වගකීම මැල්වත්ත ප්‍රොපර්ටි පුද්ගලික සමාගමට ලබාදීමේ සූදානමක් පවතින බව වාර්තා වුනා . මැල්වත්ත ප්‍රොපටිස් පෞද්ගලික සමාගම යනු මුතුරාජවෙල තෙත් බිමෙහි හෝටල් සංකීර්ණයක් ඉදිකරමින් එම පරිසර පද්ධතිය විනාශ කිරීමට උත්සාහ දරන බවට චෝදනා එල්ල වී ඇති සමාගමකි. ඒඅතර මෙම දුර්ලභ ශාකය ගලවා නැවත සිටුවීම සඳහා තමන්ට අවස්ථාව ලබාදෙන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබුණා.

කෙසේ වෙතත් අද (2021පෙබරවාරි 07 ) එම ශාකය පැවති භූමිය කිසිදු වගකිවයුතු නිලධාරියෙකුගේ අධීක්ෂණයට යටත් නොකර හිතුමතේ ඩෝසර් කර දමා ඇති බව දැනගන්නට තිබෙනවා. මේ ඩෝසර් කිරීම හේතුවෙන් එම ගස පාමුල තිබූ කුඩා පැළ දෙක ඩෝසර් කර විනාශ කර දමා ඇති බව සඳහන්.

පවතින තත්ත්වය පිළිබඳව විමසිලිමත් වීමේ දී අපට දැකගැනීමට හැකි වෙන්නේ ගස ආරක්ෂා කරගන්නවා වෙනුවට ගස විනාශ කිරීම සඳහා අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය වෙමින් එන බවයි. හොඳින් වැඩුණු ගසක් ගලවා සිටවීම සංකීර්ණ කටයුත්තකි. මේ ගස සැබෑවටම රැක ගැනීමට අවශ්‍ය නම් අවම වශයෙන් මේ ගසෙන් තව පැළ කිහිපයක් ලබා ගන්නා තෙක් සංරක්ෂණය කරගැනීමට හෝ අවශ්‍ය නම් කළ යුතුව තිබෙන්නේ අධිවේගී මාර්ගයේ සැලසුම අඩි කීපයකින් ගස නිදහස් වෙන ආකාරයට වෙනස් කිරීම පමණයි.


අති දුර්ලභ Crudia zeylanica ශාකය ගලවා සිටුවීමේ වගකීම මැල්වත්ත සමාගමට ලබාදීමට සැරසෙයි

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...