අධිවේගී මාර්ග පෞද්ගලිකරණයේ පළමු පියවර තබයි – හේතුව ආදායමට වඩා ණය වැඩිවීමලු

Date:

අධිවේගී මාර්ගවල වාර්ෂික ලාභය බිලියන 5ක් වන අතර, නොපියවූ ණය ප්‍රමාණය බිලියන 800ක් බව ප්‍රවාහන මහාමාර් හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා තිබේ .

මෙම ණය කන්දරාව ගෙවා දැමීමට හැකිවන පරිදි 100%ක්‌ රජය සතු සහස්යා ඉන්වෙස්ට්මන්ට් සමාගම වෙත අධිවේගී මාර්ග පද්ධතිය සහ එහි වත්කම් පවරා දෙන බව ප්‍රවාහන මහාමාර් හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙම අදහස් පළ කළේ මාර්ග සංවර්ධන අධිකාරිය සහ මහා භාණ්ඩාගාරය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන අවස්ථාවට එක්වෙමින්.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක අධිවේගී මාර්ග ජාලය කළමනාකරණය කිරීම සඳහා පිහිටුවන ලද සහස්යා ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ වසර 28කට වඩා පලපුරුද්දක් සහිත ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු කේ. ඩබ්. කණ්ඩම්බි වෙත එම පත්වීමට අදාළ ලිපිය ප්‍රවාහන මහ මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් භාර දි තිබෙනවා.

මීට සමගාමීව සහස්යා ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ලෙස ප්‍රවාහන අමාත්‍යංශයේ පළපුරුදු නිලධාරීණියක වන පී. ආර්. බී. සුමංගලී පත්කර තිබෙන බව සඳහන්.

ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය සතු අධිවේගී මාර්ග පද්ධතිය සහ එහි වත්කම් ඉදිරියේදී සහස්යා ඉන්වෙස්මන්ට් සමාගම යටතට පත් කෙරෙනු ඇති.

මාර්ග සංවර්ධන අධිකාරිය සහ මහා භාණ්ඩාගාරය අතර මේ පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමද මේ අවස්ථාවට සමගාමීව සිදු කර තිබුණා.

අපේ රටේ ණය කන්දක් ගොඩ ගැසීමට එක් හේතුවක් වී ඇත්තේ අධිවේගී මාර්ග වැනි ප්‍රමාණවත් ආදායමක් උත්පාදනය නොවන සංවර්ධන ව්‍යාපෘති බව කාලයක් තිස්සේ විවිධ ප්‍රගතිශීලී කණ්ඩායම් හඬ නගමින් සිටියි. මේවා නඩත්තු කිරීමට ජනතාවට වැඩි වැඩියෙන් බදු ගෙවීමට සිදුවිය. අවසානයේ ආණ්ඩුවේ උත්තරය වී ඇත්තේ මෙම සංවර්ධන ව්‍යාපෘති පුද්ගලීකරණය කිරීම මිස අඩුපාඩු හදුනාගෙන ඊට පිළියම් සෙවීම නොවේ. ආණ්ඩුව දැන් සූදානම් වන්නේ පුද්ගලීකරණය කෙලින්ම සිදු නොකර ක්‍රම ක්‍රමයෙන් සිදු කිරීමටයි. රජයේ වගකීම රජය විසින්ම පිහිටවූ වෙනත් ආයතනයකට පවරා එය පියවරෙන් පියවර සිදුවෙනු ඇත.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...