මාව විශ්වාස කර ඔබ එනවද ? එසේ කියූ ඔවුන් විස්වාසය කඩ නොකරම යන්න ගියා

Date:

ආහාර වර්ජනයක නිරතව සිටි තුර්කියේ Group Yorum විරෝධාකල්ප සංගීත කණ්ඩායමේ සාමාජික, ගීටාර් වාදක, හලීල් ඊබ්‍රාහිම් ගෝක්සෙක් මිය ගොස් තිබේ.

හලීල් ඊබ්‍රාහිම් ගෝක්සෙක් ඔහුගේ උපවාසයේ 323වන දිනයේ තම ආහාර වර්ජනය නතර කිරීමට තීරණය කිරීමත් සමඟ පසුගිය මැයි 5වනදා ඔහුව රෝහල් ගතකරන ලදී. ඔහු උපවාසය නතර කිරීමට තීරණය කර තිබුනේ Group Yoru සංගීත කණ්ඩායම ඉස්තාන්බුල් ආණ්ඩුකාර කාර්යාලයෙන් ප්‍රසංගයක් පැවැත්වීම සඳහා අයදුම් කිරීමත් සමඟයි.

40 හැවිරිදි වියේ පසුවූ ඊබ්‍රාහිම් ගෝක්සෙක් ගේ බිරිද ද මේ වනවිට සිරගතව සිටියි. Group Yorum සංගීත කණ්ඩායමේ ගායිකා හෙලන් බොලෙක් දින 288ක් ආහාර වර්ජනයේ යෙදී සිට 2020 මැයි 3 වැනිදා මරණයට පත් වූවාය.

Group Yorum කණ්ඩායමට එරෙහිව තුර්කියේ ජනාධිපති එර්ඩොගන්ගේ පාලනය යටතේ මර්දන ක්‍රියාදාමය ආරම්භ වන්නේ ඔවුන් තුර්කියේ තහනම් දේශපාලන පක්ෂයක්වන ‘විප්ලවකාරී මහජන විමුක්ති පෙරමුණ’ සමඟ සම්බන්ධ බවට චෝදනා කරමිනි. තුර්කි රජය විසින් 2016 හදිසි නීතිය පනවමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහෝසි කිරීමේදී දේශපාලන සංවිධානවල සාමාජිකත්වය දැරීමේ නිදහස මෙන්ම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසද අහිමි කෙරිණි. Group Yorum කණ්ඩායමේ ප්‍රසංග තහනම් කරන ලද අතර වරින්වර ඔවුන් පැවැත්වූ ප්‍රසිද්ධ රැස්වීම් හා සාකච්ඡා අවහිර කර අත්අඩංගුවට ගැනීම් සිදුවිය. රාජ්‍ය මර්දනයට එරෙහිව සංගීත කණ්ඩායමේ සාමාජික පිරිසක් විසින් ආහාර වර්ජනය ආරම්භ කළේ 2019 මැයි මාසයේදීය. ජූනි මසදී සිරගතව සිටි හෙලන් සහ ඊබ්‍රහිම් ආහාර වර්ජනයට එක් වූහ. එහිදී ලෝකයන් එල්ල වූ විරෝධය සළකා 2019 නොවැම්බර් මාසයේ තුර්කි ආණ්ඩුව විසින් හෙලන් බොලෙක් නිදහස් කළ නමුත් ඇය දිගටම ආහාර වර්ජනයේ නිරත වූවාය.

Group Yorum  සංගීත කණ්ඩායමේ ගීතයක අනු වාදනයක් (ගීතයේ අනුවාදනය හිල්මි සුපුන්)

මාව විශ්වාස කර ඔබ එනවද ?

ඔබේ කුඩාරම
විවාහ මංගල්‍ය
අතහැර ඔබ එනවද ?

රිද්මයට බෙර ගසන්න
තරඟයක් සේ
රැල්ලක් සේ නැගෙන්න.

වැඩ වර්ජන පැමිණෙන විට
පලා නොයන්න
ඔබේ සිත රැගෙන එන්න.

මාව විශ්වාස කර ඔබ එනවද?

 

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...