රිලවුන් ලක්ශයක් චීනයට අපනයනය කිරීමේ යෝජනාවක් පිලිඹඳව සාකච්ඡා අද දිනයේදී කෘශිකර්ම අමත්‍යාංශයේදී පැවතින් බවත් සඳහන් වේ.එසේම මෙය රිලවුන් නිසා සිදුවන වගා හානිවලට පිලිතුරක් බවත් එම ප්‍රවෘත්තියේ දක්වා තිබිනි.
රිලවුන් නිසා වගා හානියට ලක්වූවන් වෙනුවෙන් මෙය ඉතා හොඳ පියවරක් ලෙස ඇතමුන් මෙය දැනටමත් පෙන්වාදී තිබෙන අතර ඒ පිලිඹඳව විරෝධය සහ කනස්සල්ල අනෙක් පසින් මතුවී තිබේ.
ඒ නිසා මෙය ශ්‍රී ලංකාවට ආවේනික රිලවන්ට කෙසේ බලපානු ඇද්ද මෙන්ම මෙහි නීතිමය තත්වයත්,එමෙන්ම මෙහි ප්‍රතිවිපාකයන් කවරේද යන්න මෙන්ම වෙනත් අදාල කරුනුත් විමසා බැලිය යුතුය.
ශ්‍රී ලංකාවට ආවේනික රිලවාගේ උප-විශේශ ගනන 2 සිට 6 දක්වා බව විවිධ මූලාශ්‍රයන් දක්වා තිබුනද,2012දී එලි දක්වන ලද “Sri Lankan Primates”ග්‍රන්ථයේ තිබෙන්නේ 1979දී ජේ.ෆුඩන් (J.Fooden) විසින් “Primates”නම් විද්‍යාත්මක වාර ප්‍රකාශනයේ පලකර තිබූ පර්‍යේශන වාර්තාව අනුව උප-විශේශ දෙකකින් සමන්විත වන බවයි.ඒවා නම් ප්‍රධාන වශයෙන් වියලි කලාපයේ හමුවන Macaca sinica sinica නම් දර්ශීය උප-විශේශය සහ තෙත් කලාපයේ මෙන්ම කඳුකරයේ ඇතැම් ප්‍රදේශ වලත් හමුවන Macaca sinica aurifrons නම් උප-විශේශයත් වේ.මින් වැඩිම ව්‍යාප්තියක් සහ ඉහල ගහන ඝනත්වයකින් යුතු වන්නේද,වගාවන්ට වැඩිම හානියක් කරන්නේද දර්ශීය Macaca sinica sinica උප-විශේශය බව පෙනී යන්නකි.එසේ වුවද මෙරට හමුවන රිලවාගේ උප-විශේශ පිලිඹඳව සහ ඒවායේ ව්‍යාප්තිය පිලිඹඳවත් තවත් බොහෝදේ සොයා බැලිය යුතු බව පැහැදිලි වන්නකි.නිදසුනක් ලෙස ඉහල කඳුකරයෙන් හමුවන රිලවුන් පෙන්වාදිය හැක.
මේ නිසා රිලවුන් විශාල ලෙස අපනයනයක් කරන්නට සිතන්නේ නම්,ඔවුන් ලබා ගන්නේ කිනම් ප්‍රදේශ වලින්,කොපමන ප්‍රමාන වලින් විය යුතුද යන්න මෙන්ම,මොවුන් ඉවත් කිරීම නිසා තුඩුදිය හැකි වෙනත් තත්වයන් කවරේද යන්නත් සොයා බැලිය යුතු වේ.නමුත්,මෙවන් කිසිම ආකාරයක කිසිඳු අධ්‍යයනයන් මෙතෙක් සිදුකර නොමැත.රිලවුන් ඇතුලු සතුන් නිසා සිදුවන වගා හානි පිලිඹඳව පසුගිය වසරේදී පත්කල කමිටුවට පවා අදාල වාර්තාවක් ලබා දීමට එම වාර්තාව පිලියෙල කල බව කියන පර්‍යේශකයන් නොකඩවා කල ඉල්ලීම් වලට අනුවත් කටයුතු නොකල නිසා එම කමිටුවද අතරමග ඇනහිට තිබේ.
රිලවා වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 30 වන වගන්තිය යටතේ තිබෙන පලමු උප ලේඛනයට ඇතුලත් හෙවත් ආරක්ශිත නොවන ක්ශීරපායී සත්වයෙකි.මේ නිසා වගා හානි කරන රිලවුන් මරනයට පත් කිරීම වුවත් නීත්‍යානුකූල වන්නකි.එසේ වුත් වගා හානි කරන රිලවුන් පිලිඹඳ මෙම නිතිමය තත්වයේ වාසිය හානියට ලක්වන ප්‍රදේශවලදී නොගන්නේ මක් නිසාද යන්නත් සොයා බැලීමට අවශ්‍ය තවත් කරුනකි.
රිලවා අනාරක්ශිය තත්වයේ සිටියද රිලවුන් අපනයනය ක්‍රීම සිදු කල හැක්කේ වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 40 වන වගන්තිය යටතේ ලබා ගන්නා බලපත්‍රයක් යටතේ පමනකි.මෙම වගන්තියට අනුව මෙරට සතුන් අපනයනය කල හැක්කේ විද්‍යාත්මක සහ සංරක්ශන කටයුතු සඳහා සහ විදේශීය සත්වෝද්‍යාන සහ කෞතුකාගාර සමඟ සතුන් හුවමාරු කිරීම් වෙනුවෙන් පමනි.චීනයේ හෝ වෙනත් රටක සත්වෝද්‍යාන හෝ කඋතුකාගාර විසින් මෙවන් පරමාර්ථයක් උදෙසා කරන ඉල්ලීමක් මත නීත්‍යානුකූලව රිලවුන් අපනයනය කල හැකි වේ.එසේම ජපානය ඇතුලු රටවල් ගනනාවක සත්වෝද්‍යානයන්හි පරම්පරා ගනනාවක් තිස්සේ බෝවන රිලා ගහනයන් තිබේ.එසේ වුඅත්,රිලවුන් ලක්ශයක් ඉල්ලා සිටින්නේ නම් ඒ කුමන පරමාර්ථ උදෙසාද යන්නත් විශේශයෙන් විමසා බැලිය යුතු වන්නේය.
අවසාන වශයෙන් දකින්නේ රිලවුන් අපනයනට අදාල වන්නේ වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනත නිසා මේ පිලිඹඳව තීරන ගැනීමේ අයිතිය තිබෙන්නේ වනජීවී සංරක්ශන දපඅර්තමේන්තුවට පමනක් වන බවයි.එසේම එම ආයතනය තිබෙන්නේද වනජීවී සහ වන සංරක්ශන අමාත්‍යාංශය යටතේ මිස කෘශිකර්ම අමාත්‍යාංශය යටතේ නොවේ. මේ නිසා රිලවුන් අපනයනය වැනි වනජීවී සහ වන සංරක්ශන අමාත්‍යාංශය විසින් සලකා බැලිය යුතු යෝජනාවන් පිලිඹඳව කෘශිකර්ම අමාත්‍යාංශය විසින් කිසියම් ආකාරයක හෝ තීරනයන් ගන්නේ නම් ඒවා නීතිය ඉදිරියේ දෝශ සහිත වන්නේය.
මේ නිසා මෙම ප්‍රවෘත්තිය පිටුපස තිබෙන කරුනු මෙන්ම ඉදිරි කාලයේදී කවුරුන් විසින් කුමක් කරන්නේද යන්නත් පිලිඹඳව විමිසිලිමත්ව සිටිය යුතු බව පෙනේ.
නීතිඥ Jagath Gunawardana මහතාගේ සටහනකි.