66%ක විදුලි ගාස්තු සංශෝධනය ඊයේ සිට ක්‍රියාත්මකයි

Date:

අද (16) සිට විදුලිය විසන්ධි නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් විදුලිය විසන්ධි නොකරන බවයි වාර්තා වන්නේ.

66% කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා දුන් අතර ඒ අනුව, ඊයේ (15) සිට නව විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මකයි.

නව විදුලි ගාස්තු සංශෝධනය අනුව ඒකක 60 ක් භාවිතා කරන නිවසක විදුලි බිල ඉහළ යන්නේ 276% කින්. ඒ අනුව, ඒකක 60 ක් භාවිත කරන නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 680 ක් වූ විදුලි බිල රුපියල් 2,560 ක් දක්වා ඉහළ යනු ඇති.

ඒකක 30 ක් භාවිත කළ නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 360 ක විදුලි බිල රුපියල් 1300 ක් දක්වා ඉහළ යනු ඇත. එය 261% ක වැඩිවීමකි.

ඒකක 90 ක් භාවිත කළ නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 1800 ක් වූ විදුලි බිල රුපියල් 4430 ක් දක්වා ඉහළ යනු ඇති.

ඒකක 200 වැඩියෙන් භාවිත කරන නිවසක විදුලි ගාස්තු ඉහළ නංවා ඇත්තේ 32% කින්.

ආගමික ස්ථාන හා පුණ්‍යාගාමික ස්ථාන සඳහා පළමු ඒකක 30 සඳහා ඒකකයකට අයකළ රුපියල් 08ක ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කර ඇති අතර, ඒකක 31 සිට 90 දක්වා කාණ්ඩය යටතේ රුපියල් 15ක්ව පැවති ඒකකයක මිල රුපියල් 37ක් දක්වාත් වැඩි කර තිබේ.

ඒකක 180ට වැඩි සෑම ඒකකයකටම රුපියල් 32ක් වෙනුවට රුපියල් 50ක් අය කෙරේ.

ආගමික ස්ථාන හා පුණ්‍යායතන සඳහා මුල් ඒකක 30ට අය කළ රුපියල් 90ක ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත්, ඒකක 31 සිට 90 දක්වා කාණ්ඩයට රුපියල් 120ක් ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත්, 180ට වැඩි කාණ්ඩය සඳහා අය කළ රුපියල් 1500ක ස්ථාවර ගාස්තුව රුපියල් 2000 දක්වාත් වැඩි කිරීමට යෝජිතය.

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...