Breaking News

අයිතීන් වෙනුවෙන් කැපවූවන් ඇගයීමට

ඉතාලිය තුල මෙන්ම බ්‍රෙෂියා පලාත තුලද සංක‍්‍රමණිකයින් වැඩි වැඩියෙන් පැමිනෙන්නට ගන්නේ 90 දශකයේය. ඒ වෙනකොට ඒ වෙනුවෙන් වූ ආයතන වලට මෙන්ම සංක‍්‍රමණිකයින්ටද තිබුනේ අවම අත්දැකීම් ප‍්‍රමාණයකි. ඒ නිසාම සංක‍්‍රමණිකයින් ලෙස අපහට මුහුණ පෑමට සිදුවූයේ විශාල දුෂ්කරතාවයන්ටය. ඒ නිසාම සංක‍්‍රමණික අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ඉතා දුෂ්කර අරගල වල නියැලෙන්නට සිදුවිය. අදටද එය අවසන් නැත. එසේ අයිතීන් දිනාගන්නට අමතරව මේ සමාජය සමග සහජීවනයෙන් වාසය කිරීමට අවශ්‍ය වටපිටාවක් ගොඩනගා ගැනීම සඳහාද විවිධ වැඩසටහන් තුලින් සංක‍්‍රමණිකයින් වෙත අවශ්‍ය දැනුම හා අවබෝධය ලබාදීමට අමතරව ඉතාලි සමාජය සමග සහජීවනයෙන් වෙසෙන්නට අදාල ඒකාබද්ධ වැඩසටහන් සංවිධානය කිරීමද දුෂ්කර කටයුත්තක් විය.

එවන් අභියෝග හමුවේ විවිධවූ රටවල විවිධ ජාතිකයින් නියෝජනය කරමින් ඉදිරිපෙල ක‍්‍රියාදරයින් එකිනෙකා හඳුනා ගනිමින් අප පොදුවේ මුහුණ දෙන මෙම ගැටලූ නිරාකරණය සඳහා විශාල වශයෙන් කැපකිරීම් කරමින් සමාජය වෙත බොහෝ ජයග‍්‍රහණ අත්පත් කර දෙන්නට කැපවූ අය ඇගයීමේ පලමු පියවර පසුගිය ජූලි 13 සිදුවිය.

නිවාස ගැටලූව උග‍්‍රවූ අවස්ථාවේ පියස්ස ලොජ්ජහී දින ගනනක් නිදාගනිමින් කල විරෝධතා ක‍්‍රියාමාර්ගය ක්වෙස්තුර ආයතනයේ තිබූ කිසිසේත්ම එකග විය නොහැකි පීඩාකාරී තත්වය වෙනස් කර ගැනීම සඳහා ඒ ඉදිරිපිට කල විරෝධතාවයන් ප්‍රෙෆෙත්තුර ආයතනයේ අත්තනෝමතිකත්වයට එරෙහිව අවසන් කර වසාදැමූ සනතෝරියා අවස්තාව නැවත විවෘත කර පිටුවහල් කිරීමට නියමිතවූ කීප දෙනෙකු නවතා ගන්නට මෙන්ම පිටිවහල් කල කීප දෙනෙකු නැවත ගෙන්වා ලිපි ලේඛණ ලබා ගන්නටද හැකිවූ ඉතාලිය සහ යුරෝපය පුරා කීර්ථියක් අතපත් කරගන්නට සමත්වූ ගෲ එකේ සටන ඇතුලූ අඛණ්ඩ අරගල සඳහා කැපවූ නායකත්වය ලබා දුන් පිරිස් එදින මේ සම්මානයට පාත‍්‍රවිය.
එහි අරමුණ ඔවුන් සතුටු කිරීමට එහා ගොස් තව තවත් දිරිගැන්වීම හා අලූත් පරම්පරාවේ යෞවනයන් ඒ වෙනුවෙන් යොමු කිරීෙමි අධිස්ඨානයද විය.

එදා මුල් යුගයේ පැමිණි අයට පය ගසන්නට වූ භුමිය හා පරිසරය ඉතා දුෂ්කර වූ අතර එය යම් පමණකට පහසු තත්වයක් බවට පත් කරගැනීමේ අභියෝගය විය. ඒ නිසාම වඩා කැපකිරීම් කරමින් අරගල කරන්නට එදා සිදු වුවත් නව පරපුරට එතරම් දුෂ්කර නොවේ. එසේ වන්නට හේතු වූයේ මුල් පරම්පරාවේ කැපවීම බව නව පරපුර හඳනාගත යුතුවනවා මෙන්ම වැඩිහිටියන් ලෙස ඔවුන් සරල වින්දනයෙන් ඔබ්බට සමාජ වගකීම ගැනද සිතන්නට ඔවුන් පුරුදු පුහුණු කල යුතුය පෙළඹවිය යුතුය එහෙත් බොහෝ ගෝත‍්‍රික නායකයින් එය අමතක කර හුදු ආශ්වාදය හා ජනප‍්‍රියතාවය වෙනුවෙන් කටයුතු සිදුකෙරෙන තත්වය නිසාම වඩ වඩාත් හෙට දවසේ සමාජ වගකීම් දරන්නට අයිතීන් දිනන්නට නායකත්වය ගන්නට සිටින ඔවුන්ට එය මගහැරේ. ඒ නිසා ඔවුන්ටද ඔවුන්ටද තමන් හට යම් සමාජ වගකීම්ක් තිබෙන බව හි එයට දායක වන්නට සිතා බඉලන ලෙසට ආරාධනා කරමු.

මුල් යුගයේ විශේෂයෙන්ම අප කොතරම් සුදුසුකම් වලින් හෙබි වූවත් එදා අපට වූයේ කම්කරු ක්ෂේත‍්‍රයට සීමා වන්නටය. එහෙත් අද තත්වය එසේ නොවේ. අපිට වෛද්‍යවරු ඉංජිනේරුවන් ව්‍යවසායකයින් ව්‍යාපාරිකයින් ගණකාධිකාරිවරුන් ඇතුල් විවිධ ශ්‍රේණිවල නියැලෙන්නන් සිටී. එමෙන්ම භාෂාව කිසිසේත්ම බාධාවක් හෝ ගැටලූවක් නොවේ.

ඉතින් අපේ මෙම උත්සහය වූයේ පැරැුන්නන් ඇගයීමට ලක්කරන අතරම නවකයින් දිරි ගැන්වීමයි. සමාජයක් හැමවිටම ඉදිරියට යන්නේ ඉදිරිගාමී මිනිසුන් සිදු කරන කැපකිරීම් ඔස්සේ මිස දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටින බහුතර මිනිසුන්ගෙන් නොවන වග ඉතිහාසය පුරා ඔප්පුකර තිබෙන හෙයින් සමාජ ප‍්‍රගමනයට හැකි පමණින් දායක වන්නට අපි ඔබට ඇරයුම් කරමු. බ්‍රෙෂියා සංක‍්‍රමණික ඉතිහාසය ගොඩ නගන්නට කැපවූ නියමුවන් වෙත සම්මාන ප‍්‍රධානය සමග නව පරපුරට එය වඩා යහපත් දිසාවට පරිවර්ථනය කිරීමේ නියමුවන් වන ලෙසට ඇරයුම් කරමු. හෙට දවස ඔබේ වනවා මෙන්ම එය පෝෂණය කිරීමේ වගකීමද ඇත්තේ ඔබට බව නැවත මතක් කරමු.

ඉතිහාසයේ කැපකිරීම් කරමින් ලබා දුන් දායකත්වයට ඔවුන් ඇගයීම අගයම

leave a reply