Breaking News

කපුටාගේ නියෝජිතයා කැටගොඩ  පාර්ලිමේන්තුව තුළට කපුටු උවමනාව ගෙන එයි.

විසුරුවා ඇති පළාත් පාලන ආයතන වල නියෝජිතයන් යළි කැඳවීමේ බලය විෂයභාර අමාත්‍යවරයාට ලබාදීමට අදාළ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ඉදිරිපත් කරනවා.  ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ තමන්ගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියටයි.  සංජීව එදිරිමාන්න ජයන්ත කැටගොඩ ගේ යෝජනාව ස්ථිර කරනවා.  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිස මේ යෝජනාවට  එදිරිව අදහස් ඉදිරිපත් කරනවා.

ජයන්ත කැටගොඩ ගේ යෝජනාව කපුටාගෙ යෝජනාවක් බවට සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා  ප්‍රකාශ කළ අතර  කපුටාට  තමන්ගේ හෙංචයියන් ඉන්න පළාත් සභාව නැවත කැඳවා ගැනීමට අවශ්‍ය බැවින් ඔහුගේ නියෝජිතයෙක් හරහා මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනත් නීතියක් බවට සම්මත කර ගැනීමට උත්සාහ කරන බවට දැඩි විවේචනයක් අද පාර්ලිමේන්තුවේදී එල්ල කළේය. ජනතාව විසින් පලවා හැරපු කපුටා නැවත වෙනත් විදිහකින් තමන්ගේ වුවමනාවන් ඉෂ්ට කර ගැනීමට පාර්ලිමේන්තුව යොදා ගන්නා බවටත් චෝදනා මතු වුණා.

කවුද මේ කපුටා

පසුගිය අරගල සමය තුළ කපුටා යන  නාමය පටබැඳුනේ ඒවක හිටපු මුදල් අමාත්‍යවරයා වන බැසිල් රාජපක්ෂව වෙතයි .  වර්තමාන ආර්ථික අර්බුදයේ වැඩි පංගුවකට වගකියන්න ඕනේ මේ බැසිල් රාජපක්ෂ බවට චෝදනා තියෙනවා.  ඒ වගේම රටේ ජාතික සම්පත් කුනු කොල්ලයට විකුණමින් කොමිස් ලබමින් රට බංකොලොත් කරේ බැසිල් රාජපක්ෂ කියන චෝදනාවක් තියෙනවා.  ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ නායකයා හැටියට පෙනී සිටින බැසිල් රාජපක්ෂ  තමන්ගේ වුවමනාවන් වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ සහ වර්තමාන පාර්ලිමේන්තුව  හසුරුවමින් තිබෙන බව  යළි දේශපාලන වේදිකාවේ කතාබහට ලක්වෙනවා.  පළාත් සභා මැතිවරණය පවත්වීමට මුදල් නැති බව ප්‍රකාශ කරමින් අත්තනෝමතිකව  මැතිවරණය කල් දැම්මේ රනිල් වික්‍රමසිංහ සමඟ එකතුව රාජපක්ෂ කල්ලියයි.

රනිල් රාජපක්ෂ කල්ලිය රටේ නීතියට ව්‍යවස්ථාවට පිටින් යමින්  ආර්ථික අර්බුදය හේතුවෙන් මුදල් නොමැති බව පවසා  කල්දැමූ  ආණ්ඩුව පළාත් පාලන ආයතන යළි පරණ හොරු අතටම පත් කරන්නට සූදානම් වන බව පැහැදිලියි . මේ ගොඩනැගෙමින් එන ප්‍රවනතාවය මහජනතාව ඒකරාශී වී පරාජයට පත්කළ යුතුයි.

leave a reply