Breaking News

Decreto Flussi 2023-2025- පෙර නොවූ විරූ ලෙස වසර 3ක් ඇතුලත විදෙස් කම්කරුවන් සඳහා රැකියා අවස්ථා ලක්ෂ 5ක්

ඒ අතර උපස්ථාන සේවයට නැවත අවස්ථාව ලැබෙන අතර පයිප්ප වැඩකරුවන්, ඉලෙක්ට්‍රික් වැඩකරුවන්ට හා රියදුරන්ට දොරටු විවෘත වේ. නිෂ්පාදන ක්ෂේත්‍රයට වැඩි අවධානයක් දෙන අතර සේවා අංශයට ද මෙවර අවධානය යොමු කර ඇත්තේ විශේෂයෙන් ම නීත්‍යානුකූලව වීසා සහිතව ඉතාලියට ඇතුල්වීමේ අවස්ථාව පුලුල් කරන්නට වන අතර එහි ඊළග අරමුණ වන්නේ නීති විරෝධී සංක්‍රමණය අවම කිරීමට ප්‍රයත්න දැරීමයි.

මේ වන විට ලෝක ආර්ථික අර්බුදය හමුවේ විවිධ ක්‍රම මගින් ඉතා විශාල පිරිසක් ඉතාලියට හා ඒ හරහා යුරෝපයට ඇතුල් වෙමින් සිටින අතර දක්ෂිණාංශික මෙලෝනි ආණ්ඩුව එය පාලනය කිරීමට විවිධ උත්සාහයන් ගනිමින් සිටී. ඒ වගේම දැනට පවතින ජාත්‍යන්තර ආරක්ෂක පනත අනුව දේශපාලන රැකවරණ ඉල්ලා එම අවස්ථාව නොලැබෙන අයව පවා පිටුවහල් කිරීමේ හැකියාව නොමැත. එය යුරෝපා හවුලේ එකගතාවයක් වන අතර මෙලෝනි ආණ්ඩුව කෙසේ හෝ එම ප්‍රතිපාදනය අවලංගු කිරීමට දැඩි උත්සාහයක් ගනිමින් සිටී. ඉතාලියට ඇතුල් වන දොරටු වැසීම, ආසන්න රටවලට ආරක්ෂක කටයුතු පුලුල් කිරීමට ආධාර ලබා දීම, මුහුදේ දී පලවා හැරීමට කටයුතු කිරීම යන විවිධ උත්සාහයන් අතර ඒ කිසිවකින් ඔවුන් බලාපොරොත්තු වන ප්‍රතිඵල නොලැබෙන තත්ත්වයක් ඇතුලේ යම් පමණකින් හෝ එය පාලනය කර ගැනීමට හැකියාව සහිත මෙවලමක් ලෙස මේ ක්‍රමය තුලින් ලද අත්දැකීම් මොවුන් මෙම තීරණයට යොමු කර ඇත.

පොදුවේ මෙය වැඩකරන පංතියේ ජනතාවට මහගු අවස්ථාවක් වන අතර ඊටත් වඩා ජාවාරම් කරුවන්ට මෙය ඉල්ලමකි. මෙහි ක්ෂණික වාසිය ඔවුන්ට හිමිවන අතර සේසත විකුණා හෝ උකස්කර ණයවී අවස්ථාව උදාකරගන්නා අයට ඒ සියල්ල පියවා දමා තමන්ට යමක් උපයා ගන්නට තවත් වසර කීපයක් කඹුරන්නට සිදුවේ. එය තමයි රට ඒමේ යථාර්ථය.

නව නීතියට අදාළ සවිස්තරාත්මක තොරතුරු අප ඉදිරි ලිපියකින් ඉදිරිපත් කරමු.

leave a reply