පොඩි මෙව්වා එකක් වුනේ, සොරි හොඳේ – රංගජීව සමාව ඉල්ලයි

අලුත්කඩේ උසාවි සංකීර්ණ පරිශ්‍රයේ දී මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කරමින් ඔහුව කමිසයෙන් ඇදගෙන යාමේ සිද්ධිය සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව විසින් සමාව ඉල්ලා ඇති බව වාර්තා වේ.

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව විසින් තමන්ට අමානුශික ආකාරයෙන් සැළකු බවට චෝදනා කරමින් මව්බිම පුවත්පතේ අකිල ජයවර්ධන නම් ඡායාරූප මාධ්‍යවේදියෙකු විසින් ඊයේ (10) පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අකිල ජයවර්ධන මහතා මෙම පැමිණිල්ල කොළඹ මහාධිකරණයේ පොලිස් මුරපොළ වෙත යොමු කර තිබුණි.

තමා නඩු විභාගයන් ආවරණය කිරීම සඳහා කොළඹ මහාධිකරණ පරිශ්‍රය තුළ රැඳී සිටි අවස්ථාවේ ඡායාරූප ගනිමින් සිටි තමන්ව පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවවිසින් බලහත්කාරයෙන් අධිකරණ පොලිස් මුරපොළ වෙත ඇදගෙන ගොස් එහිදී පහරදීමට තැත් කළ බව මාධ්‍යවේදියා සිය පැමිණිල්ලෙන් චෝදනා කර තිබුණි.

එමෙන්ම මාධ්‍යවේදියා සතුව තිබූ කැමරා චිප් දෙකක්ද ඔහු විසින් ලබාගැනීමට කටයුතු කර තිබෙන බවද එම මාධ්‍යවේදියා සිය පැමිණිල්ලෙන් ප්‍රකාශ කර තිබුණි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී කඩිනම් පරීක්ෂණයක් සිදුකරන බව පොලීසිය සඳහන් කර තිබුණි.

මේ අතර මාධ්‍ය හමුවක් වැනි එකකට සහභාගී වෙමින් නියෝමාල් රංගජීව සඳහන් කර සිටින්නේ අදාළ මාධ්‍යවේදියාට පහරදීම සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බවයි. ඔහු සඳහන් කර සිටියේ උසාවි භුමි තුළ පුද්ගලයන් ඝාතනය කිරීමේ සිද්ධි වාර්තා වී ඇති බැවින් අවශ්‍ය අයෙක්ට මාධ්‍යවේදී අයදුම්පතක් හදාගෙන හෝ පැමිණිය හැකි බැවින් අදාළ මාධ්‍යවේදියාගේ ස්වරූපය තමන්ට සැක සහිත වූ බවයි. ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් මිස මාධ්‍යත් සමඟ ගැටුමක් නොමැති බවද ඔහු පවසයි.

රංගජීව යනු වැලිකඩ සිරකරුවන් ඝාතන නඩුවේ ප්‍රධාන චූදිතයෙකි. ඔහු ඊයේ දින අධිකරණය වෙත පැමිණ තිබුනේද එම උසාවි කටයුත්තක් සඳහායි. රංගජීවම කියන ආකරයට උසාවිවල මිනීමැරුම් සිදුව තිබේ. නමුත් එයට බිය විය යුත්තේ සාමාන්‍ය ජනතාව මිස රංගජීවල වැනි හිරේ ඉන්න මිනිසුන් 26 දෙනෙකු පෙළගස්වා වෙඩි තැබූ බවට චෝදනා එල්ල වී සිටින පුද්ගලයන් නොවේ. ඔහු අදාළ මාධ්‍යවේදියාට පෙන්වන ලද්දේද එම බලපුළුවන්කාර කමයි. දැන් රංගජීව සමාව ඉල්ලා ඇති බැවින් පොලිස් පරීක්ෂණයේ ඉදිරිය ගැනද ඇතිවන්නේ බලවත් සැකයකි. මිනිසුන් 26දෙනෙකු මැරූ බවට චෝදනා එල්ල වී සිටින රංගජීව නිදහසේ සිටිනු දකින ඕනෑම කෙනෙකුට එවැනි සැකයක් ඇතිවීම සාධාරණ වේ.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...