මැදපෙරදිග ශ්‍රමිකයන්ගේ ගැටලු විසඳීමට මැදිහත්වෙනු! නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ උද්ඝෝෂණය

කොරෝනා වසංගතය සමග බරපතල අනතුරුදායක තත්ත්වයකට මුහුණ දී සිටින මැදපෙරදිග විවිධ රැකියාවල නිරත වන ශ්‍රමිකයන් ගැටලු විසඳීමට මැදිහත්වන බලකරමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධානය කළ විරෝධතාවක් අද නාරාහේන්පිට විදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වුණි. මෙම විරෝධතාවය සඳහා විවිධ ගැටලුවලට මුහුණ දී සිටින ශ්‍රමිකයන්ගේ පවුල්වල දෙමව්පියන් සහ ඥාතීන්ද සහභාගී සිටියහ. විරෝධතාවයට අමතරව එම පවුල්වල දෙමාපියන් සහ ඥාතීන් සමඟ අද දවසේ ද නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය ලෙස විෂය භාර ඇමතිවරයා මුණ ගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කිරීමට යොදා ගෙන තිබුණ ද ඇමතිවරයා සාකච්ඡාවට සම්බන්ධ නොවූ බැවින් අමාත්‍යංශ ලේකම්වරයා ඔවුන් සමග සාකච්ඡාවට මැදිහත්වී තිබේ.

මේ මොහොතේ මැදපෙරදිග ජීවත් වන බොහෝ දෙනෙක් පත් වී ඇති තත්වය පිළිබඳව ලේකම්වරයා සමඟ සාකච්ඡා පැවැත්වුවත් ඔවුන් සකසා තිබෙන ක්‍රමවේදය පිළිබඳව සතුටු විය නොහැකි බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය පවසයි .විශේෂයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයට හෝ අදාළ බලධාරීන්ට මේ වන විට කොරෝනා තත්ත්වයෙන් මියගිය පිරිස ,පීඩනය දරා ගැනීමට නොහැකිව සියදිවි හානි කරගත් පිරිස ,රැකියා අහිමි වූ පිරිස ,වීසා අවසන් වූ පිරිස ආදී වශයෙන් නිශ්චිත අවබෝධයක් නොමැති බව වාර්තා වේ . එසේම මේ කටයුත්ත පිළිබඳ ඇල්මැරුනු ස්වභාවයෙන් හැසිරෙන බලධාරීන් හට ජූලි නවවැනි දා ගෙන් පසු ගුවන් යානයක් තිබෙන දිනයක් ගැන හෝ සටහනක් නොමැති වී බව නිදහස නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සඳහන් කරයි.

නිසි බලධාරීන් මෙම ප්‍රශ්නයට පාලකයින් සාධනීය පිළිතුරක් නොදෙන්නේ නම් ඊට අදාළ වෙනත් ක්‍රියාමාර්ග ගැනීමට ද සූදානම් බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය වැඩිදුරටත් පවසා ඇත.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්