ගාන්ධි යනු හොඳට හෝ නරකට ඉන්දියාවේ මහා අපනයනයයි – අරුන්දතී රෝයි

මෙම සම්මුඛ සාකච්ඡාවේ පළමු කොටස ‘කළු ජාතිකයන් කෙරෙහි ඉන්දියානු ජාතිවාදය, සුදු ජාතික ජනයාගේ ජාතිවාදයට වඩා නරක තරම් ය – අරුන්දතී රෝයි ‘ යන මාතෘකාව සහිතව අප වෙබ් අඩවියේ පළවිය.

දලිත් කැමරා – ගාන්ධි ප්‍රතිමා ඉදිකිරීමට ඇයි ඉන්දීය ආණ්ඩුව අනුග්‍රහය දක්වන්නේ? – වර්තමාන ප්‍රතිමාවට සහ වෙනත් අප්‍රිකානු රටවල තවත් ප්‍රතිමා රාශියකට ද අනුග්‍රහය දක්වන්නේ අටල් බිහාරි වජ්පායී විසිනි. ඉන්දීය ආණ්ඩුව විසින්ම විදේශයන්වල ගාන්ධි ප්‍රතිමා ප්‍රවර්ධනය කරන නමුත් ඉන්දියාව තුළ විශාලතම මිලිටරිකරණය වූ කලාපයක් ඇත එමෙන්ම ඉන්දියානු සමාජය වඩාත් නොඉවසනසුළු වී ඇත…මෙය තේරුම්ගන්නේ කෙසේද?

අරුන්දතී – ගාන්ධි යනු හොඳට හෝ නරකට ඉන්දියාවේ මහා අපනයනයයි. ප්‍රචණ්ඩත්වයට යොමුවීමට ඉන්දීය ආණ්ඩුවේ ඇති පහසු හැකියාව සමඟ ඔහුගේ නිර්-ප්‍රචණ්ඩත්වයේ පණිවුඩය සෑමවිටම සුහදව හිඳගෙන සිටී. ඔවුන්ට අනුව ගාන්ධි යනු උපකරණයක්. උපයෝගීතාවයක්. දුම්-තිරයක්. සමහරවිට කඳුළු ගෑස් එකක්. සමාජීයව පවා, බුද්ධිමය ලෙස- ගාන්ධියානුවෙක් යැයි කියාගන්නා කෙනෙකුට- අධිපති කුලවල මිනිසුන්ට – කෙතරම් පහසුවෙන් කුලය පිළිගන්නවාද සහ භාවිතා කරනවද යන්න තුළ පරස්පරතාවයක් නොපෙනේ, අප දන්න පරිදි කුලය යනු, එය උල්ලංඝනය කරන්නන්ට එරෙහි ව ක්‍රියාත්මක වන සදාකාලික ප්‍රචණ්ඩත්වයක- දරුණු ශාරීරික ප්‍රචණ්ඩත්වයක-තර්ජනයක වටපිටාවක් තුළ පමණක් පැවතිය හැකි පද්ධතියකි. එහි කුහකකම නොපෙනී යයි.

දලිත් කැමරා – බී එල් එම් ව්යාපාරය විසින් බ්‍රිස්ටන්හි වහල් වෙළඳ හිමිකරුවකු වූ එඩ්වඩ් කොල්ස්ටන් ගේ ප්‍රතිමාව පහත හෙළීම බොහෝ ඉන්දියානුවන් බෙදහදාගනිමින්, සමරමින් සිටිති. නමුත් ඉන්දියාව තුළ , මනූ ගේ ප්‍රතිමාව රාජස්ථාන් මහාධිකරණය ඉදිරියේ ස්ථාපනය කර ඇත සහ “බ්‍රාහ්මණයන් පමණයි”නිවාස වැනි කුලවාදය දිරිමත් කරන තවත් බොහෝ සංකේත තිබේ. එහෙත් තවම අපි ඒවා පහලට ඇද දැමීමට තබා, ඒවා ප්‍රතික්ෂේප කිරීමට පවා සුළුවෙන් හෝ උනන්දු නොවෙමු – මේ සම්බන්ධව ඔබගේ අදහස් මොනවාද?

අරුන්දතී – අපි ජීවත් වන්නේ කුලවාදී, හින්දු ජාතිවාදී රාජ්‍යයක. මේ වගේ පිළිම බිම හෙළන හෝ ඉවත් කරන දවසෙන් ගොඩක් ඈතින් අපි සිටින්නේ. ඒවා ස්ථාපනය කර සැමරීමේ අවදියෙයි අප සිටින්නේ. සහ දුක්ඛිත ලෙස, කලක දලිත් පැන්තර්ස් වැනි රැඩිකල් ව්යාපාරවල කොටස්කරුවන් වූ අය පවා මෙම නව පාලකයන් සමඟ අත්වැල් බැඳගෙන සිටී. අද එක්සත් ජනපදය තුළ අප දකින නැගිටීම, අප්‍රිකානු ඇමෙරිකානුවන්ගේ කතාව ඔවුන් විසින්ම ප්‍රකාශ කරඇති කවි, චිත්‍ර, සංගීතය, සාහිත්‍යය, සංවිධානය වීමේ, සටන් කිරීමේ සහ අනුස්මරනය කිරීමේ වසර ගණනක ප්‍රතිඵලයකි. එම මතකය, ජීවමාන හුස්මක් ලෙස, වාර්ගික බෙදීම් ඉක්මවා ගිය ඇමෙරිකානුවන්ගේ නව පරපුරක් තුළ ලැජ්ජාවක් හා කෝපයක් දනවනවා . මෙම සහයෝගීතාවය විස්මිත දෙයක්.

දලිත් කැමරා – ඉන්දියාව තුළ ලොක්ඩවුන් තත්ත්වය සහ වෙනත් ව්‍යාතිරේක තත්ත්වයේ ක්‍රියා කොවිඩ් 19 වලට සමඟ සටන් කිරීමට නිවැරදි පියවර යැයි ඔබ සිතනවාද? හෝ නැත්නම් ඉක්මන් තීරණ බොහෝ දෙනෙකුගේ ජීවිත මුළුමනින්ම විනාශයකට ඇද දමා තිබේද? එසේම, හදිසියේම “නැවත විවෘත කිරීම/ අගුළු හැරීම” ගැන ඔබේ අදහස කුමක්ද?

අරුන්දතී – ඉන්දියාවේ පළමු කොවිඩ් 19 රෝගියා වාර්ථා වන්නේ ජනවාරි 30 වෙනිදාය. ලෝක සෞඛ්ය සංවිධානය එය වසංගතයක් බව මාර්තු 11 වනදා ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පවා, සෞඛ්ය අමාත්‍යාශය පැවසුවේ එය සෞඛ්යමය හදිසි අවස්ථාවක් නොවන බවයි. ඔවුන් ජාත්‍යාන්තර ගුවන්තොටුපළවල් වසා දමා ජාත්‍යාන්තර මගීන් නිරෝධායනය කළ යුතුව තිබූ විට, ඔවුන් එසේ නොකළේය. සමහර විට එසේ වූයේ ට්‍රම්ප් පැමිණෙන නිසා විය හැක. ඔහු පැමිණියේ පෙබරවාරියේ අවසාන සතියේය. සිය දහස් ගණන් ජනයා සහභාගී වූ නමස්තේ ට්‍රම්ප් රැළියට සහභාගී වීම සඳහා දහස් ගණනක් ජනයා එක්සත් ජනපදයේ සිට මුම්බායි සහ අහමදාබාද් වෙත පියාසර කළහ. දැන් එම නගර දෙක කොරෝනා වයිරසය විසින් පරාජය කර ඇත. එය අහම්බයක්ද?

තබ්ලිඝි ජමාත් හංවඩුකරණය සහ නමස්තේ ට්‍රම්ප් හි උත්කර්ෂයට නැංවීම යමෙකු සාධාරණීයකරණය කරන්නේ කෙසේද? ඉහළ සිට ආරම්භ කර, පියාසර කරනා පන්තිය නිරෝධානය කිරීමවෙනුවට, ආණ්ඩුව බලාසිටියා. ඒ නිසා කම්කරු පන්තිය එහි මිල ගෙව්වා. පැය හතරක නිවේදනයකින් අගුලු දැමීම දැනුම්දීම කරනා විට රොගීන් 545ක් සහ මරණ 10ක් වාර්තා විය. එය සමාජ දුරස්ථභාවය පැනවීමට සිදුකළ ඉතාලිය සහ ස්පාඥ්ඥය යෙන් ආනයනය කළ අගුලු දැමීම කපා ඇලවීමකි.

සැලැසුම් නො කිරීම නිසා ඇතිවූ විපත මනුෂ්යත්වයට එරෙහි අපරාධයකට හේතු ව ඇත. ඉන්දියාව තුළ ප්‍රභූන්ට පමණයි ශාරීරිකව දුරස්ථව සිටිය හැක්කේ. දුප්පතුන් ශාරීරිකව සම්පිණ්ඩනය වී ඇත. මුඩුක්කු තුළ, කුඩා නිවාස තුළ, අනවසර ජනපද තුළ. වන්දේ භාරත් මෙහෙයුම විදෙස් රටවල අතරමං වූ ඉන්දියානුවන්ව මව්රට වෙත පියාසර කරන විට, මිලියන ගණනක බලාපොරොත්තු විරහිත කම්කරු පන්තියේ ජනතාව නගර තුළ අන්ත අසරණ වී වාසස්ථාන නොමැතිව, කෑම හෝ මුදල් නොමැතිව, ප්‍රවාහනය නොමැතිව,කිලෝමීටර් දහස් ගණනක සිය ගම්මානවලට ඇවිදීමට පටන් ගත්හ.සිය දහස් ගණනක් නිරෝධායන කඳවුරුවල බලෙන් රඳවාගෙන ඉන්පසු පිටත්ව යාමට අවසර දී, කෝච්චි වල සහ බස් වල තදබද ඇති කර,වෛරසය ඔවුන් රැගෙන ගියහ.

එය පෙන්නුවේ මැතිවරණ ජයග්‍රහනය කරන්නේ කොහොමද යන්න පිළිබඳ කපටි අග්‍රාමාත්‍යවරයාට ඔහු පාලනය කරන රට ගැන සංඥාවක් හෝ නොමැති බවයි.දැවැන්ත ආඩම්බරයක් ඇත; විශේෂඥ අදහස් ලබාගැනීමට උත්සාහයක් නොමැත; කිසිදු සංඥාවක් නොමැත. ඔහු බිලියන 1.38 ජනතාවක් පැය හතරක නිවේදනයකින් අගුළු දැම්මා. ඇයි? කොහොමද? මොකද ඔහුට එය කළ හැකි නිසා. මොකද සියලු දෙනා – දේශපාලඥයන්, නිලධරයන්, ව්යාපාරිකයන්, කර්මාන්තකරුවන් සහ ඔහුගේම බී ජේ පී සඟයන් පවා – කතා කිරීමේ ප්‍රතිවිපාක ගැන භීතියට පත් ව සිටි නිසා. සියලුදෙනාගේම මොළ එක්කො බියෙන් ගල්ගැසී ඇත හෝ කොහොමද ඔහුව සතුටු කරන්නේ, ඔහුගේ කැමැත්ත දිනාගන්නේ කොහොමද යන්න ගැන පමණක් සිතමින් සිටිනවා. ඉතින් අපි ඔහුට අපේ රට විනාශ කිරීමට ඉඩ දී ඇත. දෙපැත්තෙන්ම අපට පහර දෙයි.

අගුලුදැමීමේ කාලය පුරා රොගීන් ගණන තියුණු ලෙස ඉහළ ගියේය. දැන් ප්‍රස්ථාරය විශාල කඳු බෑවුමක් වගේ – අපට රෝගීන් 200,000 වඩා ඇත- සහ ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇත, ඔවුන් අගුලු දැමීම ඉවත් කළා. වාසනාවකට මෙන්, රෝගීන්ගෙන් බහුතරයක් රෝග ලක්ෂණ නොමැති බව පෙනී ගිය අතර, මරණ සංඛ්යාව එක්සත් ජනපදය සහ යුරෝපයට වඩා බෙහෙවින් අඩු මට්ටමක විය – ඒ අපට සංඛ්යා දත්ත විශ්වාස කළ හැකි නම්. නමුත් මිලියන් ගණනක් විරැකියාවෙන් සිටී . සාගතය ඇති වෙමින් තිබේ. මිනිසුන් නැවත පැමිණ ඇති එම ගම්මානවල කුමක්ද සිදුවන්නේ? කුලවාදය, වැඩවසම්වාදය, ලිංගවාදය… එවැනි බිය,වික්ෂිප්තභාවය සහ දරිද්‍රතාවයේ මොහොතවල් තුළ මිනිසුන් දේවල් කළමනාකරණය කරගන්නේ කෙසේද?

නමුත් මෝදිට තවමත් අවශ්‍ය රෆාල් ප්‍රහාරක ජෙට්යානා මිලදී ගැනීමට සහ දිල්ලියේ මධ්යම දර්ශන පථය යළි-නිර්මාණයට කෝටි විසි දාහක් වැයකිරීමටය – මට හිතෙන විදිහට වාස්තු විද්යාත්මක උරුමයක් ඉතිරි කිරීමට. මේ අතර, අගුලු දැමීමට පෙර ප්‍රාන්ත ආණ්ඩුවල උපදෙස් නොගත් ඔහු ආපදා කළමනාකරණය ප්‍රාන්ත ආණ්ඩු වලට පවරා, දැන් අවුල්සහගත තත්ත්වයෙහි වගකීම ඔවුනට පවරයි.

ඔහු සහ ඔහුගේ වහල් මාධ්ය විසින් මෙම ද්විත්ව ව්යසනය ඔහුගේ පැත්තෙන් ජයග්‍රහණයක් ලෙස මිනිසුන්ට විකුණනු ඇත. ඔවුන් දැනටමත් බිහාර් වල ඔවුන්ගේ 72,000 එල් ඊ ඩී පුවරු වල අතථ්ය මැතිවරණ ව්යාපාරය සමඟ එය ආරම්භ කර ඇත. මිනිසුන් කුසගින්නේ සිටින විට ඔවුන්ට මේ සඳහා මුදල් තිබේ. මේ වන විටත් ආඛ්‍යානය ඉක්මනින් ජාතිභේදවාදයට මාරු වෙමින් තිබේ. පොලීසිය සහ හින්දුත්ව මැරයන් විසින් ඔවුන්ගේ විශ්වවිද්යාල තුළදීම අමානුෂික ලෙස පහරදෙනු ලැබූ ජමියා මිලියා ඉස්ලාමියා සහ ජේ එන් යූවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්වම ඊසානදිග දිල්ලි ප්‍රචණ්ඩත්වයේ කුමන්ත්රණකරුවන් ලෙස අත් අඩංගුවට ගෙන ඇත. මෙය මූලික ලෙස පොලීසියේ පිටුබලය ඇතිව හින්දු ජාවාරම්කාර මැරයන් විසින් මුස්ලිම්වරුන්ට එල්ල කරන ලද ප්‍රහාරයකි. මෙය භීමා-කොරෙගඕන් ගේ දිල්ලි අනුවාදයයි. මේ දෙක අතර ඉන්දියාවේ හොඳම නීතීඥයන් , ක්රියාකාරීන්, ගුරුවරයන් සහ බුද්ධිමතුන් සිරගත කර ඇත. ඒ පිස්සු චෝදනා මත. කවුරුහරි කිව්වා, මෝදිට හැකියි කියා තට්ට පුද්ගලයෙක්ට පනාවක් විකුණන්න. අපි එය ගත්තොත්, අපිට ගැලපෙන්නේ එය තමයි. මෝඩයන් වගේ අපිට හැකියි දිගටම හිසකෙස් නැති අපේ හිස් පීරන්න.

පරිවර්තනය- ප්‍රබුද්ධ ධණුෂ්ක දික්වත්ත


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *