CID නිළධාරීන් තාඹුගලගෙන් කප්පම් ඉල්ලලා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකු තමාගෙන් රුපියල් කෝටි තිහක. කප්පමක් ඉල්ලා සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදීමට තමාට අවසර ලබා දෙන ලෙස අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල කළ ඉල්ලීමකට ඉඩ ලබා දෙන්නේද නැද්ද යන්න තීරණය ලබන 18 දින ප්‍රකාශයට පත්කරන බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනයේ පතිරාජ ඊයේ (13දා) දැනුම් දුන්නා.

කෝටි හතක මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත මුදාහැර සිටින සැකකාර විරංජිත් තාඹුගල සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට අවසර ලබා දෙන ලෙසට නීතිඥ උපාලි ජයමාන්න මඟින් අධිකරණය වෙත ඉදිරිපත් කළ මෝසමක් ඊයේ සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එසේ නියම විය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ ඊයේ පෙනී නොසිටීම නිසා එසේ නියම කෙරුණු අතර ඔවුන්ට ඉදිරි නඩු වාරයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.

සැකකාර තාඹුගල නමැති අය තමන්ගෙන් රුපියල් කෝටි හතක් ලබාගෙන ආපසු නොදී වංචා කළ බව පවසමින් අයි.ඩබ්ලිව්.එස්. හෝල්ඩින් සමාගමේ සභාපති ආතර් සේනානායක නමැති අයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය වෙත කර තිබූ පැමිණිල්ලක් අනුව සැකකාර තාඹුගල නමැත්තා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර පසුව අධිකරණය මඟින් ඔහුව ඇප මත මුදා හැර තිබුණා.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...