නව විදුලි බල පනත ගෙන ඒමේ ක්‍රියාවලිය පටන් අරන් තියෙන්නෙම වංචනික විදිහට – පුබුදු ජයගොඩ

ශ්‍රී ලංකා විදුලිබල පනත නමින් ගැසට් කර ඇති පනත් කෙටුම්පත දෙසැම්බර් 5 වැනිදා ගැසට් කළ බව සඳහන් කර තිබුණ ද 5 වැනිදා වනවිට එවැනි කෙටුම්පතක් රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියේ පළකර නොතිබුණු බවත් මෙම විදුලිබල පනත ගෙන එන්නෙම වංචනික ලෙස බවත් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද (8) පැවසීය.

පුබුදු ජයගොඩ කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.

එවැනි පනතක් මුද්‍රණයක් සඳහා දෙසැම්බර් 5, 6 හෝ 7 යන දිනවල ලැබී නොතිබුණේ යැයි රජයේ මුද්‍රණාලය පවසන් බවත් දෙසැම්බර් 8 වැනිදා අළුයම 3.00 ට පමණ රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියේ පලවීමත් සමඟ ගැසට් කළ දිනය ලෙස දෙසැම්බර් 8 වැනිදා ලෙස සදඟන් වියයුතු බවත් ජයගොඩ කීය.

නීතියේ ආකාරයට පනත් කෙටුම්පතක් ගැසට් කර දින 7 කට පසුව එය පාර්ලිමේන්තුවේ සභාගත කළ පසු එතැන් සිට පුරවැසියන්ට අධිකරණයට යන්න දින 7 ක කාලයක් ඇති බව කී ජයගොඩ පැවසුවේ මේ අනුව විදුලි බල මණ්ඩලය විකුණන පනත දෙසැම්බර් 5 ගැසට් කළේ යැයි සැලකුවොත් එය දෙසැම්බර් 12 දිනට පසුව පාර්ලිමේන්තුවේ සභාගත කළ හැකි බවත්ය. ඒ අනුව අධිකරණයට යාමට 20 වනදා වන තෙක් කාලය තිබෙන නමුත් 15වනදා වනවිට නත්තල සඳහා අධිකරණ කටයුතු නවත්වන බවත් ඔහු පැවසිය.

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...