තමා දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරින්ට අවධාරණය කර තිබුණා. විධායක ජනාධිපතිගේ වචනය චක්‍රලේඛයක් වෙන බව ඔහු වැඩිදුරටත් කිව්වා.
මේ ප්‍රකාශයත් සමඟ බොහෝ දෙනෙක් ගෝඨාභයගේ ප්‍රකාශය සමාන කරලා තිබුණේ ප්‍රංශයේ විසූ 14වන ලුවී රජ්ජුරුවන්ගේ ප්‍රකාශයට. ඒ නිසා ඉතිහාසය මතක් කරන්න හිතුණා.
14වන ලුවී කිව්වෙත් රාජ්‍ය නම් මමයි, මම අපේක්ෂා කරන ඕනෑම දෙයක් නීතිය බවට පත්වෙන බවයි. 14වන ලුවී ගේ සිට 16වන ලුවී දක්වා වැඩ සිද්ධ ඒ විදිහට. අසීමිත බලයක් භුක්ති වින්දා. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන ත්‍රිවිධ බලයම තිබුණේ මෙම රජවරු අතේ.
ඇති සුඛෝපභෝගී ජිවිත ගතකරමින් දිවි ගෙවූ මෙම රජවරුන් සාමාන්‍ය ජනතාව මත අධික ලෙස බදු පැනෙව්වා. ගොවි ජනතාව වෙත බදුබර පැටවූ 15 වන ලුවී රජ “මගෙන් පසුව කල්පාන්තයයි” යි කියමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ බව පැවසෙනවා.
මේ කාලය තුළ ප්‍රංශ අධිකරණ ක්‍රමයට අනුව ප්‍රදේශයෙන් ප්‍රදේශයට නීතී මාලාවන් දක්නට ලැබුණු අතර නීතියේ කිසිම සමානතාවයක් කිසිසේත් නොතිබුණි. අධිකරණ උසාවි ගණනාවක්ම තිබූ අතර ඒවා වංශාධිපතියන්ගේ අයිතිවාසිකම් රැකීමට යොදාගැනුණා. විනිශ්චයකින් තොරව මිනුසුන් මරණයට පත්කිරීමටත්, සිර කරතැබීමටත් හැකිවූ අතර රදළයින් මෙම උසාවිවල වරප්‍රසාද ලත් විනිශ්චය කරුවන් වුණා. රජුගේ පෞද්ගලික සහ දේශපාලන සතුරන් මර්දනය කිරීම සඳහා බැස්ටීල බන්ධනාගාරය යොදාගන්නා ලදී.
උසස් පංතියේ හා පහල පංතියේ පූජකයින් දෙවර්ගයක් සිටි අතර උසස් පංතියේ පූජකයෝ අධ්‍යාත්මික අංශයෙන් කිසිවක් නොකල වරප්‍රසාද ලත්
කොටසක් වුණා.
ජනතාව තමන්ට කෑමට පාන් නැතැයි කී විට ප්‍රංශ රජුගේ බිසව ඔවුන් කේක් නොඉල්ලන්නේ මන්දැයි ඇසූ බව පැවසෙන ප්‍රකාශය ඉතා ප්‍රසිද්ධ එකක්.
නමුත් මේ ආකාරයට රාජ්‍ය යනු මමයි මතුර මතුර හිටපු රජවරුන්ට අන්තිමට කනෙන් ඇදලා එළියට දාන්න මිනිස්සු පසුබට වුණේ නැහැ. ප්‍රංශ විප්ලවය ලෙස සිදුවූවේ එයයි.
ප්‍රංශ විප්ලවයේ මූලික සටන් පාඨ වූවේ නිදහස, සමානාත්මතාවය හා සහෝදරත්වයයි. ප්‍රංශ විප්ලවය ඓතිහාසික ව බලන විට ප්‍රංශයට පමණක් සීමා වූවක් නොවේ. එය මුළු ලොවට ම එක ලෙස වටිනා පාඩමක් ඉගැන්වූ විප්ලවයක්. ඉන් ප්‍රකාශ කළේ සෑම මිනිසාට ම හිමි සමානාත්මතාවයේ, නිදහසේ හා සහෝදරත්වයේ පණිවුඩයයි. එසේම කිසිවකුටත් සදාකාලික තවත් අයෙකුගේ අයිතිවාසිකම් හා නිදහස යටපත් කර ගෙන සිටීමට නොහැකි බවට දිය හැකි හොඳම උදාහරණය වන්නේත් ප්‍රංශ විප්ලවයයි.
ගෝඨාභයගේ ප්‍රකාශය ලුවී රජුගේ ප්‍රකාශය සමඟ සංසන්දනය කිරීමේදී අප අමතක නොකළ යුත්තේ එයයි. නීතිය යනු මමයි චක්‍රලේඛ යනු මගේ වචනයි කියලා හිතාගෙන ඉන්න පාලකයන්ව කනෙන් අල්ලලා එළියට දාන්න මිනිස්සු වැඩිකල් ගන්නෙ නැහැ.