‘අපි පිට්ටු, වඩේ කමින් සිටි උතුරේ ජනතාවට පීට්සා කෑ හැකි තත්ත්වයක් ඇති කළා’ මූලස්ථාන පොලිස් පරීක්ෂකගේ ප්‍රකාශයට සමාජ මාධ්‍ය හරහා විරෝධය

පසුගිය සිකුරාදා දිනයේ යාපනය මහ විරු සැමරුම් පැවැත්වීම තහනම් කරන ලෙස ඉල්ලමින් නියෝගයක් ලබාගැනීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොස් සිටි යාපනය පොලිස් පරීක්ෂක ප්‍රශාන්ත ප්‍රනාන්දු පවසා තිබුණේ අපි පිට්ටු සහ වඩේ කමින් සිටි ජනතාවට පීට්සා කෑ හැකි තත්ත්වයක් ඇති කළ බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ යුද්ධයෙන් අවසන් කිරීම නිසා උතුර තුළ විශාල සමාජ සංවර්ධනයක් සිදුවූ බවයි. මහ විරු සැමරුම් තහනම් කරන ලෙස ඉල්ලීමේ හේතුව ඉදිරිපත් කරමින් ඔහු මේ බව පවසා තිබුණි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ජනතාව සමාජ මාධ්‍ය ජාල හරහා විරෝධයක් දක්වමින් පවතියි. දේශපාලන ක්‍රියාකාරීන් බොහෝ දෙනෙක් පිට්ටු සමඟ ආහාරයට ගත හැකි වෙනත් දේ ගැන සඳහන් කරමින් තම ගිණුම්වල පින්තූර share කරමින් සිටියි. ඔවුන් පවසා සිටින්නේ මෙය උතුරේ දෙමළ සංස්කෘතියට කරන ලද අපහාසයක් බව සහ මෙය ජාතිවාදී ප්‍රකාශයක් බවයි. එසේම තවත් පිරිසක් සඳහන් කර ඇත්තේ එයට පමණක් පොලිස් පරීක්ෂකවරයාගේ ප්‍රකාශ කිසිදු ආකාරයකින් පටු කළ නොහැකි බවයි. ඔහු අනියමින් පවසා සිටින්නේ පිට්ටු විතරක් කමින් සිටි නුඹලාගේ ජීවන තත්ත්වය අප පීට්සා කන තත්ත්වය ගෙනත් තියෙනවා. එම නිසා බහුතරයට ගරු කළ යුතුයි. බහුතරයේ තීන්දු තීරණවලට යටහත්ව සිටිය යුතුයි. නුඹලාට අයිතිවාසිකම්, අවශ්‍යතා කිසිවක් නොමැත. අපි දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටපල්ලා කියන එක බවයි.

ඡායාරූපය උපුටාගැනීම – Komesh Komesh

Share post:

Popular

වෙනත් පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...

උද්ධමනය තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...