‘අපි පිට්ටු, වඩේ කමින් සිටි උතුරේ ජනතාවට පීට්සා කෑ හැකි තත්ත්වයක් ඇති කළා’ මූලස්ථාන පොලිස් පරීක්ෂකගේ ප්‍රකාශයට සමාජ මාධ්‍ය හරහා විරෝධය

පසුගිය සිකුරාදා දිනයේ යාපනය මහ විරු සැමරුම් පැවැත්වීම තහනම් කරන ලෙස ඉල්ලමින් නියෝගයක් ලබාගැනීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොස් සිටි යාපනය පොලිස් පරීක්ෂක ප්‍රශාන්ත ප්‍රනාන්දු පවසා තිබුණේ අපි පිට්ටු සහ වඩේ කමින් සිටි ජනතාවට පීට්සා කෑ හැකි තත්ත්වයක් ඇති කළ බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ යුද්ධයෙන් අවසන් කිරීම නිසා උතුර තුළ විශාල සමාජ සංවර්ධනයක් සිදුවූ බවයි. මහ විරු සැමරුම් තහනම් කරන ලෙස ඉල්ලීමේ හේතුව ඉදිරිපත් කරමින් ඔහු මේ බව පවසා තිබුණි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ජනතාව සමාජ මාධ්‍ය ජාල හරහා විරෝධයක් දක්වමින් පවතියි. දේශපාලන ක්‍රියාකාරීන් බොහෝ දෙනෙක් පිට්ටු සමඟ ආහාරයට ගත හැකි වෙනත් දේ ගැන සඳහන් කරමින් තම ගිණුම්වල පින්තූර share කරමින් සිටියි. ඔවුන් පවසා සිටින්නේ මෙය උතුරේ දෙමළ සංස්කෘතියට කරන ලද අපහාසයක් බව සහ මෙය ජාතිවාදී ප්‍රකාශයක් බවයි. එසේම තවත් පිරිසක් සඳහන් කර ඇත්තේ එයට පමණක් පොලිස් පරීක්ෂකවරයාගේ ප්‍රකාශ කිසිදු ආකාරයකින් පටු කළ නොහැකි බවයි. ඔහු අනියමින් පවසා සිටින්නේ පිට්ටු විතරක් කමින් සිටි නුඹලාගේ ජීවන තත්ත්වය අප පීට්සා කන තත්ත්වය ගෙනත් තියෙනවා. එම නිසා බහුතරයට ගරු කළ යුතුයි. බහුතරයේ තීන්දු තීරණවලට යටහත්ව සිටිය යුතුයි. නුඹලාට අයිතිවාසිකම්, අවශ්‍යතා කිසිවක් නොමැත. අපි දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටපල්ලා කියන එක බවයි.

ඡායාරූපය උපුටාගැනීම – Komesh Komesh

Share post:

Popular

වෙනත් පුවත්

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...