කාන්තාවන් 40%ක් සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත්වෙලා !

පවතින ආර්ථික අර්බුදයත් සමග මෙරට කාන්තාවන් 40%ක් පමණ කාන්තා සනීපාරක්ෂක භාවිතයෙන් ඉවත්වී

ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ.

එම සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ සනීපාරක්ෂක තුවා සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවීම ඊට ප්‍රධාන හේතුවක් වී ඇති බවය.

කොවිඩ් වසංගතයත් සමග පැනනැගුණු ආර්ථික අර්බුදය හේතුවෙන් සියලුම භාණ්ඩ සඳහා ගෙවිය යුතු මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් තිබේ.

එය මෙරට පුරවැසියන්ගේ දෛනික ජීවිතයට දැඩි බලපෑමක් එල්ලකර ඇති අතර බොහෝ විට සිදුවූයේ ජනතාව තම පරිභෝජනයට ගන්නා භාණ්ඩ ප්‍රමාණය සීමා කිරීමය.

පවුල් පාලනය පිළිබඳ සිවිල් සංවිධානය සිදුකළ නවතම සමීක්ෂණයක් එහි තවත් පැතිකඩක් පිළිබඳව අනාවරණ කර ඇත.

ඔවුන් පවසන්නේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙරට වයස අවුරුදු 15ත් 47ත් අතර කාන්තාවන්ගෙන් සියයට 40ක් කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත් වී ඇති බවය. එමගින් කාන්තාවකගේ ජීවවිද්‍යාත්මක චක්‍රයට ඇති කරනු ලබන බලපෑම අවධානය යොමු කළයුතු මට්ටමක පවතින බව එම සංවිධානය පෙන්වා දෙති.

මේ අතර Public Finance.lk වෙබ් අඩවිය පවසා තිබුනේ සනීපාරක්ෂක තුවා සඳහා මෙරට අය කෙරෙන බදු රත්‍රං, සිල්ක්, ගොල්ෆ් පිති මෙන්ම කාලතුවක්කු සඳහා පනවා ඇති බදුවලටත් වඩා ඉහළ අගයක් ගන්නා බවය.

බොහෝ භාණ්ඩ වැට් සහ සමාජ ආරක්ෂණ බදුවලට යටත් වුවත් සනීපාරක්ෂක තුවා වැට් බදු, වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු, සෙස් බදු, සමාජ ආරක්ෂණ බදු යන බදු වර්ග 4ටම යටත් වන බව එම වෙඩි අඩවිය පෙන්වා දෙයි.

ඒ අනුව සනීපාරක්ෂක තුවා සඳහා අය කෙරෙන බදු ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 47.1%කි.

Share post:

Popular

වෙනත් පුවත්

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...